“මේ මගේ පවුලට… මේ මගේ ඉස්ලාම් ආගමට…” – ලංඩනයේ බෙලි කැපීමට පෙර ත්‍රස්තයන් කී දේ

“මේ මගේ පවුලට… මේ මගේ ඉස්ලාම් ආගමට…” – ලංඩනයේ බෙලි කැපීමට පෙර ත්‍රස්තයන් කී දේ

Spread the love
  •  
  •  
  •  
  •  

ප්‍රහාරකයන්ගෙන් ගැලවීම සඳහා අවන්හල්වල සිටි පුද්ගලයන් ඔවුන් වෙත පුටු සහ වීදුරුවලින් දමා ගැසූ බව ඇසින්දුටුවෙකු කියා සිටියේය.
එහි පැමිණි පොලිස් නිලධාරීහු මහජනතාවට වහා එම ස්ථානයෙන් පිටතට දිව යන ලෙස හෝ සැඟව සිටින ලෙස දන්වා සිටියහ.
“පිහි ඇනුම් පහර 10ක්”
ප්‍රහාරකයන් පිළිබඳ විස්තර කරමින් ඇසින්දුටුවෙකු වන ගෙරාඩ් කියා සිටියේ “මේ අල්ලා දෙවියන් වෙනුවෙන් ඉස්ලාම් ආගමට සහ මගේ පවුලට.., යැයි කෑ ගසමින් ඔවුන් ඒ මෙහෙ දුව ගියා. ඔවුන් ගැහැණු ළමයෙකුට දහ පාරක් නැතිනම් පහළොස් පාරක් පිහියෙන් ඇන්නා” යනුවෙනි.
“He had just stepped outside the bar for a second and a man ran up to him and said ‘this is for my family, this is for Islam’ and stuck a knife in him,” Elisabeth O’Neill said.”
‘ලන්ඩන් බ්‍රිජ්’ ප්‍රහාරය වාර්තා වී මිනිත්තු 08 ක් ඇතුළත ප්‍රහාරකයන් තිදෙනා වෙඩි තබා මරා දැමූ බව පොලිසිය පවසයි.
සන්නද්ධ පොලිස් භටයන් අට දෙනා ප්‍රහාරකයන්ට උණ්ඩ 50 ක් පමණ එල්ල කොට ඇත.
මරණයට පත් පුද්ගලයන්ගේ අනන්‍යතාව මේ දක්වා ප්‍රකාශයට පත් කර නොමැත. ප්‍රහාරකයන් තිදෙනා පුපුරණ ද්‍රව්‍ය ඇතුළත් බව පෙන්නුම් කරන ව්‍යාජ ඇඳුම් කට්ටල ඇඟලා සිටි බව පොලිසිය පවසයි.
‘ලන්ඩන් බ්‍රිජ්’ සහ ‘බරෝ මාකට්’ යන ස්ථාන වසා දමා ඇති අතර ත්‍රස්ත මර්දන විමර්ශන කණ්ඩායම් පරීක්ෂණ සිදු කරමින් සිටිති.

(Visited 33 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!