“මේ ජයග්‍රහණය රජය කෙරෙහි ජනතා විශ්වාසය යළි තහවුරු කිරීමක්”

Spread the love
  •  
  •  
  •  
  •  

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඌව පළාත් සභා ඡන්ද විමසීමෙන් ලැබු ප්‍රතිඵලය පක්ෂය ලැබු ජයග්‍රහණයක් පමණක් නොව දේශ හිතෛෂී සමස්ත ශ්‍රී ලාංකිකයින් ලැබු ජයග්‍රහණයක් බව අග්‍රාමාත්‍ය දී.මු ජයරත්න මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙවර පළාත් සභා මැතිවරණයේ ජනතා තීන්දුව රජය කෙරෙහි ජනතා විශ්වාසය යළි තහවුරු කිරීමක් බවයි.
යුද්ධය නිමාවට පත් කිරීමත් සමග සංවර්ධන ව්‍යාපෘති රැසක් හඳුන්වාදුන් රජය මේ වන විට ශ්‍රී ලංකාව ආසියාවේ දියුණු රටක් බවට පත් කිරීමට කටයුතු යොදමින් සිටින බව අග්‍රාමාත්‍යවරයා කියයි.
මෙවර පළාත් සභා මැතිවරණ ජයග්‍රහණයත් සමග ඌව සංවර්ධනය වඩාත් ජව සම්පන්න කිරීම රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍යවරයා පෙන්වාදෙයි.

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!