“මේක පිරිසිදු පාලනයක්… සෙල්ලම් කරන්න හදන්න එපා…” – රවී කරුණානායක

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

ආන්දෝලනයකට ලක්ව ඇති මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී කිසිම වංචාවක් සිදුව නැති බව මුදල් ඇමති රවී කරුණානායක මහතා පවසයි.
කොලඹදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ මෙම ගනුදෙනුව පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීම සඳහා වගකිව යුතු ආණ්ඩුවක් ලෙස කමිටුවක් පත්කර ඇති බවත් වඩාත් විනිවිද බවකින් මේ වනවිට බැඳුම්කර නිකුත් කරන බවත්ය.
‘මේ අය මේ සම්බන්ධයෙන් අනිසි ප්‍රයෝජනයක් ගන්න හදනවා. ඒකේ කිසිසේත්ම වරදක් වෙලා නෑ. ප්‍රයිවට් ප්ලෙස්මන්ට් තමයි මෙතෙක් තිබුණෙ. ප්‍රයිවට් ප්ලේස්මන්ට් පැත්තකට දාල විනිවිද භාවයකින් කරන්න ගිහිල්ල තියෙන්නෙ.
අපි ඒකට කමිටුවක් පත්කරල තිබෙනවා. අනව්‍යශ ලෙස ප්‍රශ්න ඇතිකරන අයට අපි කියන්නෙ පිරිසිදු පාලනයක් එක්ක සෙල්ලං කරන්න එපා කියලයි’ යයිද ඔහු එහිදී කියා සිටියේය.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 15 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!