“මේක කොන්දක් පණ  නැති ආණ්ඩුවක්”-හර්ෂණ රාජකරුණා හේතු කියයි

“මේක කොන්දක් පණ නැති ආණ්ඩුවක්”-හර්ෂණ රාජකරුණා හේතු කියයි

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

‘මේක කොන්ද පණ නැති ආණ්ඩුවක්, පසුගිය ආණ්ඩුව නම් දැඩි තීන්දු තීරණ ගත්තා’ යැයි ඇතැමුන් පැවැසුවද 2015 ජනවාරි 08දා රාජපක්ෂ ආණ්ඩුවට ගෙදර යෑමට සිදුවූයේ එවැනි දැඩි තීන්දු ගත් නිසා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා පවසයි.පසුගිය ආණ්ඩුව ගත් දැඩි තීන්දු තීරණ නිසා මාධ්‍යවේදීන්ට මාධ්‍යායතනවලට මුහුණ දීමට සිදුවූ හිරිහැර පීඩා දැන් අමතක වී ඇත්දැයි සැකයක් ඇතිවන බව පෙන්වා දෙන මන්ත්‍රිවරයා මෙම ආණ්ඩුව යටතේ වෘත්තීය සමිතිවලට, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසට ලබාදී ඇති නිදහස සීමාව ඉක්මවා ගොස් ඇත්දැයි ප්‍රශ්නයක් පැනනඟින බවද සඳහන් කරයි.සිරිකොත එජාප මූලස්ථානයේදී ඉකුත් 9දා පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළ මන්ත්‍රිවරයා, ඇතැම් පාර්ශ්වයන් ප්‍රකාශ කරන්නේ මෙම ආණ්ඩුවද එම අඳුරු යුගයට යළි යායුතු යැයි නොකියා කීමක් බව කියා සිටියේය.

(Visited 35 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!