” මේක කැඳ හැළියක්.., මේ වහුකොහු ජෝඩුවගේ කයිය විතරයි වැඩ නෑ..? ”  නැගෙනහිර සටන ත්‍රිකුණාමලයෙන් ඇරඹි මහින්ද( VIDEO)

” මේක කැඳ හැළියක්.., මේ වහුකොහු ජෝඩුවගේ කයිය විතරයි වැඩ නෑ..? ” නැගෙනහිර සටන ත්‍රිකුණාමලයෙන් ඇරඹි මහින්ද( VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

ඒකාබද්ධ විපක්‍ෂය පළාත් මට්‌ටමින් සංවිධානය කරනු ලබන ජනහමු මාලාවේ තවත් ප්‍රධාන රැළියක්‌ පසුගියදා ත්‍රිකුණාමලය නගරයේදී පැවැත්විණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම රැළියට දිනේෂ් ගුණවර්ධන, මහාචාර්ය තිස්‌ස විතාරණ, විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂයේ පිරිසක් සහභාගි වී සිටින ලදී.අති විශාල ජනකායක සහභාගිත්වයෙන් පැවැති මෙම ජන රැුලිය සඳහා හිටපු ජනාධිපතිවරයා එක් වූයේ සවස 3.30 පමණය. වසරක පමණ කාලයක් පැවැති නියඟය නිමා කරමින් ති‍්‍රකුණාමලයට දැඩි වර්ෂාවක් ඇදහැලීම විශේෂ සිදුවීමක් වූ අතර මහ වර්ෂාව නොතකා ජනතාව රැලියට සහභාගි වුහ.එහිදි අදහස් දැක්වූ හිටපු ජනපතිවරයා “මේ වරුසාවේ මේ ස්ථානයට රැුස්වීම සම්බන්ධයෙන් අපේ ගෞරවය පුද කරනවා. ති‍්‍රකුණාමලය කියන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් එකට ජීවත් වන සංහි`දියාව ලෝකයට පෙන්වන්න පුළුවන් නගරයක්. රටේ ආර්ථිකය දේශපාලන සම්බන්ධතා අද ව්‍යාකූල වෙමින් පවතිනවා. එට්කා වැනි ගිවිසුම් මගින් අපේ තරුණයින්ගේ රක්ෂා විදේශිකයින්ට දීමේ වැඩපිළිවෙළක් අද දියත් වෙනවා. ඉවක් බවක් නැතුව වරාය ගුවන් තොටුපළ ඉඩම් අක්කර දහස් ගණනක් විදේශිකයින්ට දෙමින් තිබෙනවා. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු සියලූ දෙනාටම අපහාස කරනවා. මාධ්‍යයෙන් පෙන්වන්නේ හැම තැනම වෙන උද්ඝෝෂණ. ත‍්‍රස්තවාදය අවසන් කරපු රණවිරුවන්ට විදේශීය අධිකරණවල දී ද`ඩුවම් දෙන්න උත්සාහ කරනවා. අද නායකයෝ වැහිවැහැලා. අපි දන්නේ නැහැ කවුද නායකයා කියලා. රටේ මිනිස්සුන්ට ප‍්‍රශ්නයක් කියන්න කෙනෙක් නැහැ. තීන්දුවක් ගන්න කෙනෙක් නැතිකම විනාශයක්. ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියක් දන්නේ නැහැ. කැබිනට් ප‍්‍රකාශයෝ තුන්දෙනෙක් හිටියට කැබිනට් එකේ ගත්ත තීන්දුවක් අපි දන්නේ නැහැ. මේ සියල්ල මගින් ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇති ගැටුමයි පෙන්වන්නේ.මෙපමණ කලක් හිටපු ශ‍්‍රීලනිප මහ ලේකම්ගේ ප‍්‍රතිපත්තියයි අද ප‍්‍රතිපත්තියයි දෙකක්. මේ තත්ත්වය අවබෝධ කරගන්න ඕනේ. අපි මේක කැ`ද හැලියක් වෙන බව මුලින්ම කිව්වා. ආ`ඩි හත්දෙනාගේ කැ`ද හැලිය වගේ අන්තිමට මොකුත් නැහැ. කැබිනට් මණ්ඩලයේ විෂය බෙදා ගන්න බැරුව සුවිප් එක විදේශ ඇමැතිට දුන්නා. එහෙම ආණ්ඩුවක් තමයි අපි රට අර විදියට හදනවා මේ විදියට හදනවා කියලා කයිය ගහන්නේ. කයිය විතරයි වැඬේ නැහැ.මේ අවුරුදු දෙකහමාරේ මට නොබැණපු දවසක් තියෙනවාද? රාජපක්ෂ රාජපක්ෂ. මේක හරියට බයක් ඇති වෙලා ෙදාඩවනවා වගේ. වෙන කරන්න දෙයක් නැහැ. පළිගැනීම කරනවා. නඩු දානවා. එෆ්. සී. අයි. ඞී. ගෙනියනවා. මේක තමයි මේ අයගේ එ්කාධිපති පාලනයේ හැටි. රට බෙදන්න හදන කොට මතක කියා ගන්න හැම පළාතකටම පොලිසියක් දෙනවා. පෙන්ෂන් යන දවසට ෆයිල් එක අරන් මහ ඇමැති පස්සේ දුවන්න වෙනවා. නිීතිය නවන්න පොලිස්පතිලාම තුන් දෙනෙක් ඉන්නවා. ජිනීවාවලට ගිහින් රණවිරුවන් පාවා දුන්නා. මේ රටේ යුද්දේ තිබුණේ ත‍්‍රස්තවාදීන් එක්ක. අපි 12500ක් පුනරුත්ථාපනය කරලා එළියට දැම්මා. මොවුන් රට ගැන වෙනත් ස්වරූපයක් පෙන්වන්නයි හදන්නේ. දැන් පනතක් ගේනවා අපිව විදෙස් රටවලට පාවාදෙන. පනතකින් එය සම්මත කරගන්න සූදානම් වෙනවා. මේක භයානකයි. අපිව මේ රටෙන් පිටුවහල් කරලා උන්ට ඕනා විදියට නඩු අහන්න දෙන පනත අනිද්දාට පාර්ලිමේන්තුවට ගේනවා. අපි එ්කාබද්ධ විපක්ෂය එ්කට විරුද්ධ වෙනවා. මේ අය හදන්නේ රණවිරුවන්ව විතරක් නෙවේ එදා හිටපු දේශපාලඥයිනුත් පාවා දෙන්නයි. මේවා පිළිබ`දව ඔබ කල්පනාකාරී වෙන්න ඕනේ.මොනරාගල මන්තී‍්‍රවරයෙක් පොළට ගිහින් රතුලූනු කිලෝවක් ඉල්ලපුවාම 1000ට වැඩියි. පොහොර දුන්නේ නැත්තේ මට ඡුන්දේ දීපු අයට විතරද? නැහැ, සිරිසේන ජනාධිපතිවරයාට පක්ෂව ඡුන්දෙ දුන්න අයටත් අද පොහොර ගන්න වෙලා තියෙන්නේ වැඩි මිලට. යුනිෆෝම්වලට ඇ`දුම් මැහුවම කලිසම මහන්න රෙදි මදි. බාල රෙදි. මෙන්න අපි දුන්න සහනාධාරය කපපු හැටි. වැඩිහිටියන්ගේ සහනාදාරයෙනුත් කපලා. දැන් පිංකැටේත් කඩනවා. අද පන්සලේ. හෙට කෝවිල. ඊළ`ගට දේවාලවලට. මේක පන්සලට විතරක් නෙවේ අනික් දේවලටත් එනවා. පන්සලට මුට්ටිය දාලා බැරුවා. මේක ආගම් විරෝධී වැඩපිළිවෙළක්. ආගම්වාදය අවුස්සන්න තැත් කරන ආණ්ඩුවක්. ආණ්ඩුව මේවා කරන අතරේම අපේ පිට දාන්න හදනවා.ගොවි ජනතාවට වෙන පීඩනය වගේ දේවල් අමතක වෙන්න තමයි මේ ජාතිවාදය අවුස්සන්නේ. කුණු ගොඩවල් අවුස්සන්න ජනාධිපති යන්න ඕනේද. එතුමා ඉන්න ඕනේ ජනාධිපති තනතුරේ. එතුමා කුණු අදින්න ගියාම එ් මිනිහා මොකද කරන්නේ? ඔබතුමා මගේ වැඬේ කරන නිසා මම ඔබතුමාගේ වැඬේ කරන්නද කියලා අහන්නද? අගමැතිතුමා කුණු අදින්න කාණු ශුද්ධ කරන්න යනවා. මේක ජනාධිපතිගේ රැුකියාව නෙවේ. නිලධාරීන්ට වැඩ කරන්න දෙන්න ඕනේ. දැන් කියනවා එ් කාලේ වැඩ කළේ සුදු වෑන්වලට බයේලූ. දැන් ඩිෆෙන්ඩර්වලට බයේනේ වැඩ කරන්නේ. මිනිස්සු රවට්ටන්න මේ උත්තර දෙන්නේ.මේ අයට හරි යන විපක්ෂ නායකයයි ගෝලයෝ කට්ටියයි. ඇත්තටම විපක්ෂ නායකකම එළියේ කරන්නේ අපි. කි‍්‍රයාවට නංවන්නේ අපි. මේ ආණ්ඩුවෙන් මොනවද ති‍්‍රකුණාමලය කළේ? මම අපි කරපුවා කියන්නේ නැහැ. පාරක්, රෝහලක්, බෝක්කුවක් හදලා තිියෙනවාද? කහ ඉර සුදු කරපු එක විතරයි. නැගෙනහිරට කවුද කළේ. අපි ඇහුවද මේ ගමේ ඉන්නේ කවුද, පාලම වැඩියෙන් පාවිච්චි වෙන්නේ කාටද කියලා අපි ඇහුවද? ඇත්ත මේකයි.එම වීඩියෝව පහතින්

(Visited 32 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!