“මේකිගේ දරුපැටව් මරලා මිනිහගෙන් වෙන් කලෙත් මම”

“මේකිගේ දරුපැටව් මරලා මිනිහගෙන් වෙන් කලෙත් මම”

Spread the love
  •  
  •  
  •  
  •  

වර්තමානයේ මිනිසුන්ට වැලඳෙන බොහෝ රෝග නිට්ටාවට සුව කරන ඔෟෂධ තවමත්(දරුපැටව්)  සොයාගෙන නැත. කොයි තරම් ප්‍රචාරය තිබුණත් පෝලිම කොයිතරම් දිගට තිබුණත් මේ පෝලිම්වල ලගින රෝගීන් ඒ ප්‍රතිකාරවලින් නිට්ටාවට සුව වූ බවක් සොයා ගන්නට බැරි තරම්ය. මිනිසා අසීමිත තණ්හාවෙන් අන්ධව දරුණු අපරාධ අසාධාරණකම් කරනවිට දෙවියෝ පෘථිවිය අතහැර යති. ඔෟෂධවල ගුණය හීනවී යයි. වෛද්‍යවරුන්ට සොයා ගත නොහැකි රෝග පැතිරෙයි. එය ලෝක ධර්මතාවකි.

සමහර අයට ඔරොත්තු නොදෙන දුක් පීඩා අසාධාරණ සිදුවන විට වැලඳෙන රෝග මානසික රෝගද කායික රෝගද භූත දෝෂද කියා සොයා ගන්නට බැරි තරම් ව්‍යාකූල වෙයි. අයෙක් තමන්ගේ රෝගාබාධ දුක් කරදර ප්‍රතිකාරවලින් සුව නොවන විට ඒවා අමනුෂ්‍ය දෝෂ නිසා වැලඳී ඇතැයි තමන්ගේ සිතින්ම ගොඩ නඟාගන්නා භූත උන්මාදවලින්ද පෙළෙති. මේවා ඉතා සියුම්ව තෝරා බේරා ගත යුතුව ඇත. කෙසේ නමුත් ඕනෑම රෝගයක් දිගින් දිගට පැවැතීමටද ඉක්මනින් සුව වීමටද මනස ප්‍රධාන සාධකයක් වෙයි. ඒ නිසා වෛද්‍යවරයා හෝ උපදේශකවරයා රෝගියා හොඳින් හදාරා තීන්දු ගත යුතුය. නැතහොත් තවත් දුකට පත්වන්නේ අමාරුවේ වැටෙන්නේ රෝගියාත් රෝගියාගේ පවුලේ අයත්ය.

රජ රට කැලෑබද ප්‍රදේශයක පදිංචිකාරියක වන ජයන්තා තිස්පස් හැවිරිදි රූමත් කාන්තාවකි. ඇය දරු දෙදෙනකු ලබන්නට සිට ප්‍රසූත කර ඇත්තේ මළ දරු උපත්ය. හමුදා නිලධාරියකු වූ ස්වාමි පුරුෂයා දික්කසාද වී ඇයගෙන් වෙන්ව ගොස්ව ඇත. ඔහු එක වහල යට ජීවත්වෙද්දී නිවෙසේ රාත්‍රියට සැරිසරන අද්භූත ඡායාවක් ඔහුගේ ශරීරයට මුවා වෙයි. ඒ සැණින් ඔහු විකෘති වී බිරියට පහර දෙන්නට විය. මෙසේ ගුටි කන්නට බැරිම තැන ජයන්තා පොලිසි ගියාය. ඔහු දික්කසද වී යන්නට ගියේය. දැන් ජයන්තා රාත්‍රියට හීනෙන් බිය වී කෑ ගසන්නීය. තොපිව මම මරනවා යැයි කෑ ගසන්නීය. හිටි හැටියේ සිහිසුන්ව වැටෙන්නට වූවාය. සමහර දිනවල උදේ නැඟිටින විට ඇගේ ශරීරයේ සීරීම් තුවාලද දක්නට විය.

ඇගේ ජීවිතයේ මුහුණ දෙන්නට සිදුවී ඇතැයි කියන මහත් කලබැගෑනි නිසා මෙය මානසික රෝගයක් නොවේ යැයි සිතන්නට ඉඩ නැත. මෙය ඇගේ යටි හිතෙන් මතු වූ උන්මාදයක් යැයි සිතීමටද බොහෝ ඉඩ ඇත. ඇයට සිදු කරන ලද වෛද්‍ය ප්‍රතිකාර හා අභිචාර විධිවලින් කිසිදු සහනයක් නොලැබෙන විට ඇය ජීවිතය එපා වන තත්ත්වයට පත්ව සිටියාය.

ඔහු දිනක් සිය මව සමඟ මේ රෝගී සහෝදරිය ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා කැඳවා ගෙන ගියේය. එහිදී ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා සමඟ තමන් විඳින දුක් පීඩා පැහැදිලි කළාය. මෙය අමනුෂ්‍ය දෝෂයක්ද නැතහොත් මානසික පීඩාවන් ඔරොත්තු නොදෙන විට වැලඳෙන රෝගයක් දැයි තීරණයක් ගත නොහැකි වූ බැවින් ජයන්තාගේ මවත් සහෝදරයාත් ප්‍රතිකාර කාමරයෙන් පිටතට යවා රහස්‍යභාවය තහවුරුකොට ඇගේ පෞද්ගලික තොරතුරු විමසුවාය.

“මහත්තයා මගේ ස්වාමි පුරුෂයා අෑත ප්‍රදේශයක රස්සාව කළේ. මේ අතරේ ගමේ කසිප්පුකාරයෙක් මට අයුතු යෝජනාවක් කළා. මම ඒකට විරුද්ධ වුණා. දවසක් මම ගෙදර තනිවම ඉන්න කොට මේ මිනිහා ආවා. මට උගෙන් ගැලවෙන්න පොර බදන්න සිද්ධ වුණා. උෟ මගේ ඔළුවට අත මිට මොළවා පහරක් ගැහුවා. ඒකෙන් මගේ සිහිය නැතිව ගියා. උෟ මගේ ඇඳුම් ඉරා දමා මාව දූෂණය කර පැන ගිහින් තිබුණා. ඊට පස්සේ අපේ ගෙදරට ආ කෙනෙක් මම සිහිය නැතිව වැටී ඉන්නවා දැකලා අවට අයටත් කතා කරලා රෝහලට ගෙනිහින් තිබුණා. සතියකට විතර පස්සේ මම සනීප වෙලා ගෙදර ආවා. පොලිසියට පැමිණිලි කළත් අපරාධකාරයා අල්ලන්න බැරි වුණා. උෟ මහා කැලේ හැංගිලා හිටියා. එක පැත්තකින් පොලිසියෙන් හොයනවා. අනෙක්් පැත්තෙන් මගේ මහත්තයයි මල්ලියි මූව හොයලා මරාදමන්න නිතර කැලේ රිංගුවා. අන්තිමට උෟ කැලේ ඇතුළෙම වස බීලා මැරිල තිබුණා.

මේ සිද්ධියෙන් පස්සේ මට ලැබෙන්න හිටිය දරුවො දෙන්නාම ප්‍රසූත කළේ මැරිලා. මටත් වරින් වර සිහිය නැතිව වැටෙන්න පටන් ගත්තා. රෑට ගෙදර ඡායාවක් එහා මෙහා යනවා පෙනෙන්නට වුණා. ඒ ඡායාව මගේ මහත්තයාගේ පිටුපසට මුවා වෙනවා පෙනෙනවා. ඒත් එක්කම මහත්තයා යකෙක් වගේ මට ගහනවා, බනිනවා. මහත්තයාගෙන් ගුටි කන්න බැරිම තැන පොලිසියට ගිහින් පැමිණිලි කළා. මහත්තයා තරහ වෙලා දික්කසාද වුණා. මම අන්ත අසරණ වුණා. දැන් මට ජීවත්වීමත් එපාවෙලයි තියෙන්නේ. ඊට පස්සේ ඒ ගම මට එපා වුණා. ගෙවල් ‍ෙදාරවල් විකුණලා වෙනත් ප්‍රදේශයක පදිංචියට ආවා. ඒත් අර ලෙඩ දුක් කරදර අඩුවක් වුණේ නැහැ” යි ජයන්තා කතාව අවසන් කළාය.

ගවේෂකවරයා කාමරයෙන් පිටත සිටි ඇගේ මවත්, සහෝදරයාත් කාමරයට ගෙන්වා ප්‍රතිකාර ආරම්භ කරන්නට ඇයට ශක්ති කිරණ එල්ල කළේය. ඒ සමඟම ඇය ආවිෂ්ට වී කෑ ගසන්නට වූවාය. ගවේෂකවරයා භූතාත්මය සමඟ කතා කළේය.
“කවුද මේ කෑ ගහන්නේ?”
“මම පියසේන.”
“කවුද පියසේන කියන්නේ?”
“මේකි කලින් හිටපු ගමේ කෙනෙක්.”
“මොකක්ද රස්සාවට කළේ?”
“කසිප්පු වික්කා. ඒක හොඳ ජාවාරම හොඳට හම්බ කරන්න පුළුවන්. මම මේකිට සල්ලිත් දෙන්න හැදුවා. මේකි ගත්තේ නෑ.”

ඉතින් ඇයි මෙයාගෙ ශරීරයට රිංගගත්තේ?”
“මම මෙයාගේ ශරීරයට ආසයි.”
“තමුන් මොනවා වෙලාද මැරුණේ?”
“වස බීලා.”
“ඇයි වස බොන්න හේතුව?”
“මම මේකිට බලහත්කාරකමක් කළා. ඒකට මාව අල්ලා ගන්න පොලිසියෙන් හෙව්වා. අනෙක් පැත්තෙන් මේකිගේ මිනිහයි මල්ලියි මාව මරන්න හෙව්වා. අන්තිමට මම වස බීලා මැරුණා.”
“ඇයි තමුන්ම වරද කරලා දැන් මෙයාට හිරිහැර කරන්නේ?”

“මේකි මට විරුද්ධ වුණාට මම පළිගන්නවා. ඒත් මේකිගේ ශරීරයට මම ආස නිසා මරාගෙන මම ඉන්න තැනට අරගෙන යනවා.”
“ඇයි තවම පළිගන්න බැරි වුණේ?”
“ඇයි නැත්තේ මේකිගේ බඩේ හිටිය පැටව් දෙන්නත් මම මැරුවා. මේකිගෙ මිනිහා අතහැරලා ගියේ මගේ බලපෑම් නිසා.”
“දැන් පළිගත්තා ඇති. කරුණාකර මේ ශරීරය අතහැරලා යන්න ඕනෑ.”
“මම එහෙම යන්නේ නෑ. මම මේකිව අරගෙන මිසක් යන්නේ නෑ” යි භූතයා තරයේම කීවේය.
මේ භූතයා හොඳින් කතා කර මෙල්ල කළ නොහැකි බව වටහා ගත් ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කොට දවන්නට විය.
“එපා… එපා… අනේ මහත්තයා මාව පුච්චන්න එපා. දැවිල්ලයි දැවිල්ලයි.”

“එහෙමනම් මේ ශරීරයෙන් ඉවත් වෙලා යනවද?”
“අනේ ඒක නම් කරන්න බෑ. මම මේකිගේ ශරීරයට ආසයි. මම යන්නේ නම් නෑ.”
ගවේෂකවරයා නැවැත නැවැතත් දවාලන්නට විය. එපා… එපා… පුච්චන්න එපා. දැවිල්ලයි දැවිල්ලයි” කියා භූතයා කෑ ගසද්දීත් පුච්චා ඇගේ ශරීරයෙන් එළියට ඇද දැම්මේය.
“ඕකා ආයෙත් ඒවිද මහත්තයා?” ජයන්තාගේ මල්ලී ඇසීය.

“බැහැ තව අවුරුදු සියයකටවත් එයාට එන්න බෑ. ඒ තරමට දුර්වල කළා.”
දින හතක් බෝධි පූජා පවත්වා නැවැත එන්නැයි ජයන්තාට උපදෙස් දුන්නේය.
සතියකට පමණ පසු ඇය නැවැත පැමිණ දැන් කිසිදු රෝගාබාධයක් වේදනාවක් නැතැයි කියමින් ගවේෂකවරයාට පින් දුන්නාය. ඇය අලුතෙන් මහන මැෂිමක් ගෙන ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් ආරම්භ කර අලුතෙන් ජීවිතය ආරම්භ කරන බවද අධිෂ්ඨානශීලීව කීවාය.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!