“මෙවර උතුරේ දෙමළ ඡන්ද වර්ජනයේ”-මහින්ද

“මෙවර උතුරේ දෙමළ ඡන්ද වර්ජනයේ”-මහින්ද

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

උතුරු නැගෙනහිර සමහර කොටස් මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ නොකර සිටීමේ වැඩ පිළිවෙලක් පිළිබඳව තමන්ට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අම්බලන්තොට රිදියගම  අද (20) පැවති පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක රැළියකදී පැවසීය.එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.    ‘‘මේ වෙන කොට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා උතුරු නැගෙනහිර මැතිවරණ ප්‍රචාරක කටයුතු වල යෙදෙමින් සිටිනවා.මෙවර මැතිවරණයේදී උතුරු නැගෙනහිර ජනතාව ගේ කැමැත්ත වෙනදාට වඩා තම ජනාධිපති අපේක්ෂකයාට ලැබෙන්නට ඇති ඉඩකඩ වැඩි වී ඇති බව පෙනෙන්නට තිබෙනවා.හම්බන්තොට දිස්‍රතික්කයේ ජනතාවට කිසිදු යුතුකමක් නෑ එජාපටට ඡන්දය දෙන්න. මොකද හම්බන්තොටට මේ රජය කිසිවක් සිදු කළේ නෑ.හම්බන්තොට වාරය විකුණලා මේ රජය ගත්ත සල්ලි වලට මොනවාද වුණේ කියල මේ වන තුරුත් මේ රටේ ජනතාව දන්නේ නෑ.මම අගමැති වෙලා සිටි දින 51 තුළ මේ රටේ ගොවි ජනතාවට පොහොර සහනාධාරය දෙන්න කටයුතු කළා.නමුත් ඒ වැඩපිළවෙල දිගට කරගෙන යන්න අපට ඉඩ  දුන්නේ නෑ. ලෝක ඉතිහාසයේ පලමු වරට කැබිනට් මණ්ඩලයට  තීන්දු ගන්න එපා කියල අධිකරණය අපට නියෝග කළා.මේ මැතිවරණය එජාප ය දිනන්න හදන්නේ බොරු ප්‍රචාරය කරලා.ඇල්පිටියේ සමෘද්ධිය බෙදුවා සල්ලි බෙදුවා . සිමින්ති බෙදුවා නමුත් බෙදාපු සිමෙන්ති කොට්ට ගාණටවත් ඇල්පිටියේදී ඡන්දය ගන්න එජාපයට බැරි වුණා.අද අපි එකතු වී තිබෙනවා. එකට සිටිය අපි දැන් එකතු වෙලා මේ මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා කැපවීමෙන් වැඩ කරමින් යනවා.‘‘

(Visited 178 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!