“මෙයා අල්ලා දුන්නොත් තෑග්ගක් දෙනවා..” – පොලිසිය

“මෙයා අල්ලා දුන්නොත් තෑග්ගක් දෙනවා..” – පොලිසිය

Spread the love
  •  
  •  
  •  
  •  

කුරුණෑගල ප‍්‍රදේශයේ ඉකුත්දා සිදුවූ වෙඩි තැබීමකින් උප පොලිස් පරීක්‍ෂකවරයෙකු මියයාමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය මහජන සහාය පතා සිටී.
අදාළ සැකකරු ජාතික හැදුනුම්පත් දෙකක් භාවිත කර ඇති බවට දැනට සිදුකර ඇති විමර්ශනවලදී අනාවරණ වී ඇත.
ඉන් එක් හැදුනුම්පතක ඔහුගේ නම සදහන්ව ඇත්තේ කන්දෙගෙදරලාගේ චමිල මධුසංඛ ලෙසය. අංක 693, කොට්ටාව, පන්නිපිටිය යන ලිපිනයේ ඔහු පදිංචිව සිටින බව එහි සඳහන් වේ.
අනෙක් හැදුනුම්පතේ ඔහුගේ නම දැක්වෙන්නේ ජාලන් කණ්ඩම්බි චමින්ද ලෙසය. 693/2, කුලසෙවන පාර, කොට්ටාව යන ලිපිනයෙහි ස්ථිර පදිංචිය දක්වා ඇත.
අදාළ සැකකරුගේ ඡායාරූපයක් ප‍්‍රසිද්ධියට පත් කිරීමටද පොලිසිය කටයුතු කර ඇති අතර නිවැරදි තොරතුරක් ලබාදෙන අයෙකුට වටිනා ත්‍යාගයක් ලබාදෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටී.
%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a-99

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!