මෙන්ඩිස් සහ මැතිවුස්ගේ සුපිරි ප්‍රාථිහාර්යයෙන් ඓතිහාසික තරඟ වාර්තාවක්..!

මෙන්ඩිස් සහ මැතිවුස්ගේ සුපිරි ප්‍රාථිහාර්යයෙන් ඓතිහාසික තරඟ වාර්තාවක්..!

Spread the love
  • 3
  •  
  •  
  •  
  •  
    3
    Shares

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූවා. අද (19) තරගයේ පස්වන දිනට වර්ෂාවෙන් බාධා එල්ල වන විට දෙවන ඉනිම ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාව කඩුලු තුනක් දැවී ලකුණු 287ක් රැස් කරගෙන සිටියා.ඒ වනවිට කඩුල්ලේ රැඳී සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 141ක් සහ ආන්ජලො මැතිවුස් ලකුණු 120ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු 282ට පිළිතුරු වශයෙන් නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිමේ ලකුණු 578ක් ලබා ගත්තා. ලකුණු 296ක් පසුපසින් සිටිමින් දෙවෙනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක පරාජයක් නියතව තිබුනු අයුරක් පෙන්නුම් කළා. ඒ බව තහවුරු වූයේ මුලු ලකුණු 13ක් වන විට තරගයේ තෙවන කඩුල්ල ලෙස තෙවන දිනයේ දිමුත් කරුණාරත්න දැවී යාමත් සමගයි.ඉන්පසුව කඩුල්ලට එක්වූ කුසල් මෙන්ඩිස් සමගින් ඇන්ජලෝ මැතිවුස් අදහාගත නොහැකි පිතිකරණ දස්කම් පෙන්වා හතරවන දිනය සහ පස්වන දිනයේ කඩුලු දැවී යාමට ඉඩ නොදී කඩුල්ලේ රැඳී සිටීම විශේෂයි.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!