“මෙදා සැරේ කොම්පියුටර් ජිල්මාට් බෑ…. සිරිසේන කියන්නේ තොත්ත බබෙක් නෙමෙයි…” – ඩඩ්ලි සිරිසේන

Spread the love
  •  
  •  
  •  
  •  

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කරමින් දෙහිඅත්තකණ්ඩිය මුවගම්මාන පැවැති රැස්වීමක දී සොහොයුරු ඩඩ්ලි සිරිසේන මහතා මෙසේ පැවසීය.
දූෂණය නැති පොදු ජනතාවගේ ජීවන සුවඳ සහ කුඹුරේ, නියරේ, කමතේ ගොවිකම හඳුනන, මේ රටට ආදරය කරමින් මේ රට නිවැරදි මාවතකට ගෙනියන්න පුළුවන් වන්නේ මෛත්‍රීපාල සිරිසේනට විතරයි.
දේශපාලන වශයෙන් තෙම්පරාදු වී සිටින නිසා කොම්පියුටර් ජිල්මාට් දාන්න මෛත්‍රී කවදාවත් ඉඩ දෙන්නේ නැහැ. මෛත්‍රී කියන චරිතය තොත්ත බඛෙක් නෙවේ.
මේ ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකයෝ දුර්වලයි කියලා මහින්ද මහත්තයා විසින් මේ ප්‍රදේශයේ සංවිධායක ලෙස පත්කිරීමට සූදානම් වී සිටියා. පවිත්‍රලා වගේ නෙවෙයි මෛත්‍රීපාල සිරිසේන කියන චරිතය මේ රටේ කවදාවත් අපවිත්‍ර වෙලා නැහැ.
වංචාව, දූෂණය, හොරකම, පගාව, එතනෝල්, කුඩු රජ කරන දේශපාලන චරිත රජ කරන යුගයක් බව පවිත්‍රාට පේන්නේ නැහැ.
මේවා බලබලා අන්ධයන්, ගොළුවන්, බිහිරන් වගේ ඉන්නේ නැතිව මේ රට බේරාගැනීමේ වගකීම ඉටු කරමු. එහෙම නොවුණොත් යළි රජයට ඡන්දේ දීලා තමන්ගේම බඩ කපාගන්නවා වාගේ වැඩ කරගන්න එපා. මේ රට යහපත්, සුවපත් දේශයක් කිරීමට මෛත්‍රී පාලනයකට ඔබගේ වටිනා ඡන්දේ දෙන්න.
මෛත්‍රීපාල සිරිසේන ලක්ෂ 90ක් ඡන්දය රැගෙන මේ රටේ ජනාධිපති වෙනවා. මෛත්‍රීපාල දුර්වලයි කිය කියා රජය කීවාට දේශපාලනයේ තෙම්පරාදු වී සිටින එතුමා අවංක ගුණගරුක පිරිසිදු හෙටක් මේ රටට හදන දේශපාලන නායකයායි.
පොදු ජනතාව සුරංගනා ලෝකවලට යවමින් බොරු පොරොන්දු දී රවටමින් මේ රජ පවුල තුන්වැනි වතාවට බලයට ආවොත් මේ රටේ ජනතාවට පරම්පරා ගාණක් අ~ අ~ා ඉන්න සිදු වේවි.
මේ රජය නිර්මාණය කරන්න කටයුතු කරපු හැම කෙනකුටම තොණ්ඩුව වැටිලා. ජීවන සුවඳ හඳුනන ගමේ කෙනකු රජකර රටේ ප්‍රශ්න විසඳා අගාධයට යන රට බේරාගැනීමේ හවුල්කරුවෝ බවට පත්වෙමු.
මේ රජය මැති ඇමැතිවරු ඩොලර්වලට බිලී බා ගන්නවා. මැති ඇමැතිවරුන්ගේ, මන්ත්‍රීවරුන්ගේ වටිනාකම පුදුම විදියට වැඩිවෙලා තිඛෙනවා. මොන විදියට බිලීබාගන්න හැදුවත් මැතිවරණය පවතින අවස්ථාවේ මැති ඇමැතිවරු රැසක් රජය ගැන දැඩි කලකිරීමෙන් මෛත්‍රී පාලනයකට එකතුවෙන බව නිසැකයි. [sexypoll id=”9″]

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!