මෘත දේහයක් පිළිබඳව හොරොව්පතානේ මුස්ලිම් නිකා දෙකක් ගැටී අයෙක් රෝහලේ

Spread the love
  •  
  •  
  •  
  •  

අවමඟුල් උත්සවයකින් පසුව ඉස්ලාම් ආගමික නිකායන් දෙකක සාමාජිකයන් පිරිසක් අතර ඇති වූ බහින් බස්වීමක් දුර දිග යෑම හේතුවෙන් ගුටි බැට හුවමාරුවක් සිදු වී තුවාල ලැබූ එක් අයකු ප්‍රතිකාර සඳහා හොරොව්පොතාන රෝහලට ඊයේ සවස ඇතුළත් කර තිබේ.
හොරොව්පොතාන අඟුනොච්චිය ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයකුගේ අවමඟුල් උත්සවයක් පැවැත්වී ඇති අතර ඔහුගේ ඥාතීන් ඉස්ලාම් ආගමික නිකායන් දෙකක බැතිමතුන් බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ. මියගිය පුද්ගලයාගේ දේහය එක් නිකායක සම්ප්‍රදායන්ට අනුව භූමදානය කිරීම හේතුවෙන් දෙපාර්ශ්වය අතර මෙම ගැටුම ඇති වී ගුටි බැට හුවමාරුව සිදුවී ඇති බව පොලිසිය සඳහන් කරයි.

(Visited 13 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!