“මුළු රටම අනතුරේ…. ගෙවුන වසර 5 රට ගියේ වැරදි පාරෙයි…” – ෆොන්සේකා

“මුළු රටම අනතුරේ…. ගෙවුන වසර 5 රට ගියේ වැරදි පාරෙයි…” – ෆොන්සේකා

Spread the love
  • 17
  •  
  •  
  •  
    17
    Shares

පසුගිය වසර පහක කාලය තුළ රට නිවැරදි මාර්ගයේ ගමන් නොකළ නිසා රටේ ඉදිරිය ගැන සිතා දර්ශනයක් ඇති, ශක්තියක් ඇති, ධෛර්යය ඇති හා දැක්මක් ඇති මිනිස්සු රටේ දේශපාලනය භාර ගත යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
කැලණිය ප‍්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙසේ ද කීවේය.
රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් මා පළ කළ අදහස් පිළිබඳව ද මෙතෙක් කිසිවෙකුගේ අවධානය යොමු වී නැහැ. එක එක ජාතියේ චරිත මෙරට දේශපාලනය තුළ ඉන්නවා. නමුත් මොන ජෝන් බාස් ආවත් මොන පෙරේරා ආවත් මොන සිල්වා ආවත් රටට වැඩක් නැති මිනිහෙක් නම් ඇවිත් වැඩක් නෑ. මේ වසර 5 තුළ රටට දැනෙන වැඩක් වූ බව මා රජයේ සිටියත් පිළිගන්නෙ නැහැ.
මේ යන විදිය මදි කියලා මා කියනවා. මේ තත්ත්වය වෙනස් කිරීමට නම් දර්ශනයක් ඇති, ශක්තියක් ඇති, ධෛර්ය ඇති හා දැක්මක් ඇති මිනිස්සු රටේ දේශපාලනය භාර ගත යුතු වෙනවා. මේ රටේ දේශපාලනය ගැන මගේ කලකිරීමක් තිබෙනවා. මගේ පක්ෂය ඇතුළු සියලූ පක්ෂ මේ දේශපාලනය තුළ සිටිනවා. රට හමුවේ ප‍්‍රශ්න ගොඩක් තිබෙනවා. ඒ වගේම තවමත් ත‍්‍රස්ත උවදුරත් මේ රට තුළ පවතිනවා.
පසුගියදා ආරක්ෂක ලේකම්වරයා ගෙන්වා තේරීම් කාරක සභාවේ ප‍්‍රශ්න කිරීමේදී වහාම ඇති වෙන්න තියෙන උවදුර සියයට 99 ක් අවසන් බව පැවසුත් ඉකුත් දින කීපයේදීත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් නොයෙක් ස්ථානවලදී අත්අඩංගුවට ගත්තා.
මේ වගේ පසුබිමක ආරක්ෂාව සැපයීම ගැන අවබෝධයකින් යමක් නොකෙරෙන බව පෙනී යනවා.
ඒ නිසා රට තාමත් අනතුරුදායක තත්ත්වයක ඇති බව පෙනෙන්නට තිබෙනවා.

(Visited 43 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!