මුහුණු පොතේ ‘ජෝකර් වීරයන්ට’ පොලීසියෙන් පාඩමක්

මුහුණු පොතේ ‘ජෝකර් වීරයන්ට’ පොලීසියෙන් පාඩමක්

Spread the love
  • 2
  •  
  •  
  •  
    2
    Shares

කඩු කිනිසි ආදී උල් ආයුධ අතැතිව මුහුණු පොතේ වීරයන් වෙන්නට උත්සාහ දැරූ තරුණයන් හතර දෙනෙකුට දඹුල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා ගෙන් උපදේශන පන්තියක් පැවැත්වීම කතා පුවතක් දඹුල්ල පොලීසියෙන් අද දෙරණට වාර්තා විය.වයස අවුරුදු 16,18,21 යන වයස්වල පසුවන දඹුල්ල කණ්ඩලම කැප්ඇල ප්‍රදේශයේ තරුණයන් සිව් දෙනෙකු වැඩිහිටි බාල මහලු බොහෝ දෙනාට හිරිහැර කරදර වන ආකාරයෙන් හැසිරෙන බවත් ඔවුන් සිව්දෙනා මුහුණු පොතේ මැරයන් ලෙස හැසිරෙන බවත් මේ පිළිබඳව ප්‍රදේශවාසීහු පොලීසියට දැනුම් දී තිබිණි.ඒ අනුව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා වහාම මෙම තරුණයන් සිව් දෙනාගේ මුහුණුපොත නිරීක්ෂණය කොට පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු කණ්ඩලම කැප්ඇල ප්‍රදේශයට යවා ඔවුන් සිව් දෙනාම පොලීසියට කැඳවා ගෙන තිබිණි.මුහුණු පොතේ බොහෝ දෙනෙකු සිදු කරන ක්‍රියාවන් පිළිබඳවත් එමෙන් ම නිර්මාණ පිළිබඳවත් මෙම සිව්දෙනාට පැය කිහිපයක් අවවාද කරීමට හා මුහුණු පොත පිළිබඳව පාඩමක් කියා දෙන්නට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කටයුතු කළේය.

(Visited 42 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!