මුස්ලිම් පල්ලිය තුලදී ළමුන් අපයෝජනය කර රට පනින්න හැදු මරික්කාර්ට වැට බඳී

Spread the love
  •  
  •  
  •  
  •  

වැලිගම ප‍්‍රදේශයේ පිහිටි මුස්ලිම් දේවස්ථානයක් තුළදී පාසල් සිසුන් 07 දෙනෙකු අපයෝජනය කළ බව කියන වනාතවිල්ලූව ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රි එම්.එස්.සුල්තාන් මරික්කාර්ට රටින් පිටවීම තහනම් කිරීමට පුත්තලම වැඩ බලන මහේස්ත‍්‍රාත් ෆසාල් අබුතාහිර් මහතා අද නියෝග කළේ ය.

ඒ බව ආගමන විගමන පාලකවරයා වෙත දන්වන ලෙසද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර ඇත.

මන්ත‍්‍රීවරයා පුත්තලම, කරතිව්, පොම්පරිප්පු පදිංචිකරුවෙක් වන සැකකාර මන්ත‍්‍රීවරයා මේ වනවිට ප‍්‍රදේශය අතහැර පලා ගොස් තිබේ.

සැකකරු මේ දිනවල ඌව පළාතේ ඇමතිවරයෙකු සමග එක්වී සිටින බවත්, ඉන් පසුව ඔහු රහසිගතව විදේශ ගතවීමට සුදානම් බවට ලද තොරතුරක් වනාතවිල්ලූව පොලීසියට ලැබීමෙන් පසු පොලීසිය විසින් බී වාර්තාවක් මගින් මේ බව අධිකරණය වෙත වෙත කරුණු වාර්තා කර ඇත.

එම කරුණු දැක්වීමට අනුව සැකකරුට විදේශ ගතවීම තහනම් කර ඇත.

සැකකාර මන්ත්රීනවරයා විසින් පසුගිය 02 වැනිදා මෙම අපරාධය සිදු කර ඇති බව වනාතවිල්ලූව පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.

වනාතවිල්ලූව,කරතිව් ප‍්‍රදේශයේ පිහිටි මුස්ලිම් පාසලක සිසු සිසුවියන් පිරිසක් පසුගිය 02 වැනිදා අධ්‍යාපන චාරිකාවක් සදහා දකුණු පළාතට ගොස් ඇත.

මෙම චාරිකාව සදහා සිසුන් 35 ක් ,සිසුවියන් 53 ක්,පාසල් ගුරුවරුන් 05 ක්, ගුරුවරියන් 06 ක් සහ පාසල් සංවර්ධන කමිටු සාමාජිකයින් 03ක් ද එක්වී ඇත.

සැකකාර මන්ත‍්‍රීවරයා ද චාරිකාවට එක්වූ පාසල් සංවර්ධන කමිටු සාමාජිකයින් අතර සිටි අයෙකි.

චාරිකාවට එක්වූ පිරිස පළමු දින රාත‍්‍රිය ගතකර ඇත්තේ වැලිගම, කප්පල්තුරේ පිහිටි මුස්ලිම් දේවස්ථානයකය.

සැකකාර මන්ත‍්‍රීවරයා විසින් පාසල් දරුවන්ට ලිංගික අපරාධය සිදු කර ඇත්තේ එම දේවස්ථානය තුළදී බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.

(සමන් වඩුගේ)

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!