මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වීම පට්ට බොරුවක්…. මෙන්න ඇත්ත…..

මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වීම පට්ට බොරුවක්…. මෙන්න ඇත්ත…..

Spread the love
  • 14
  •  
  •  
  •  
    14
    Shares

සිය ධුර වලින් ඉවත් වූ මුස්ලිම් කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය ඇමතිවරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදී නොමැති බව වාර්තා වෙයි.
එමෙන්ම කිසිදු ඇමතිවරයෙකු සිය නිල වාහන භාරදීමක් හෝ පෞද්ගලික කාර්යය මණ්ඩලය ඉවත් කරගෙන නොමැති බවයි වාර්තා වෙයි.
සිය ධුරවලින් ඉල්ලා අස්වීමට අදාල ලිපි ඊයේ (05) රාත්‍රීවන විට ද ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාරදීමට ඔවුන් කටයුතු කර නොමැති බව සඳහන්ය.
මේ අතර අමාත්‍ය ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මැති ඇමතිවරු අතර පක්ෂ නායකයින් දෙදෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා සිටින බැවින් ඔවුන්ට පෙර පරිදිම පාර්ලිමේන්තුවේ අසුන් පැනවිමට තීරණය කර ඇත.
පසුගියදා පැවැති පක්ෂ නායක රැස්වීමේදී ඊට එකඟතාව පළ වූ බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
මුස්ලිම් අමාත්‍යවරුන් ඉල්ලා අස්වූ බවට ජනාධිපති කාර්යාලයෙන් ලිඛිතව දැනුම්දුන් පසු ඔවුන්ට පාර්ලිමේන්තුවේ පසුපෙල අසන් වෙන් කරන බව සඳහන්ය.
පක්ෂ නායකවරුන් දෙදෙනා සහ පක්ෂ සභාපතිවරයා හැර සෙසු මන්ත්‍රීවරුන් පිළිබඳව අදාල දැනුම්දීම සිදු නොකළහොත් පෙර පරිදිම අසුන් පැනවීමට සිදුවන බව නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේය.

(Visited 70 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!