“මුලින් වැරදුනා… ඉදිරියේදී සජිත් හොඳ තීන්දු තීරණ ගනී”-වැරදුණු තැන පිළිගත් එජාප ඇමති රොත්ත

“මුලින් වැරදුනා… ඉදිරියේදී සජිත් හොඳ තීන්දු තීරණ ගනී”-වැරදුණු තැන පිළිගත් එජාප ඇමති රොත්ත

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

එක්සත් ජාතික පක්ෂයේ තවත් මැතිඇමතිවරුන් කිහිපදෙනෙකුම සජිත් ප්‍රේමදාස මහතාගේ අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් මෙලෙස අදහස් පල කළේය. දූෂණ චෝදනා නොමැති තරුණ පුද්ගලයෙක් සිය අගමැතිවරයා ලෙස ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් තෝරා ගනු ඇති බව කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. අදහස් දක්වමින් විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මේ සේ බව පැවසීය. “එතුමා මයිනෙක් වගේ උත්තර දීලා තිබුණා. ජනපති කොමිසමෙන් නඩු පවරන්න ඕනේ කියලා. කොමිසමේ කිසිම වාර්තාවක් නිකුත් වෙලා නැහැ ප්‍රශ්නය :- වසන්ත සේනානායක ඇමතිතුමා කියන්නේ අගමැතිතුමා වෙනස් විය යුතුයි.ඔය ඉන්න ඇමති මණ්ඩලය වෙනස් විය යුතුයි. නැත්නම් එතුමා ගෙදර යනවා කියලා. කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා:- එතුමා කලකිරීමෙන් බව කිව්වා. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා ඇමති සජිත් හොඳ තීන්දු තීරණ ගනී. ප්‍රශ්නය :- එතුමා කැමති නැහැ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වෙනවට.ඔබතුමා කැමතිද? කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා:- මගේ කැමැත්ත ප්‍රකාශ කරන්නේ නැහැ. ඡන්දයෙන් පසු ඒ ගැන සාකච්ඡා කරලා පක්ෂයක් ලෙස තීන්දුවක් ගමු. තීන්දුව ගත යුත්තේ සජිත් ප්‍රශ්නය :- ඒ කියන්නේ එතුමා නම් කරන්න ඕනේද අගමැතිතුමා කවුද කියලා ? කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා:- නම් කරන්න ඕනේ නැහැ ප්‍රශ්නය :- දැන් සජිත් ප්‍රේමදාස මහතා කිව්වනේ ආරක්ෂක ඇමති ෆොන්සේකා කියලා? කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා:- ආරක්ෂාව ගැන හැමෝම අහනවනේ. අගමැතිවරයා කවුද කියලා අහන්නේ නැහැ ප්‍රශ්නය :- මාධ්‍ය නිදහස ගැන කතා කරනවා, ඔබතුමාලාගේම රැලියකදී ස්වාධීන මාධ්‍යවේදියෙකුට ප්‍රහාරයක් එල්ල වෙනවා? කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා:- නීතිය ක්‍රියාත්මක විය යුතුයි“

(Visited 113 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!