“මුල්ලේරියාවේ වෙඩි හඬ පැතිරෙයි – පොලිස් නිලධාරීයකු මරු දකියි..”

“මුල්ලේරියාවේ වෙඩි හඬ පැතිරෙයි – පොලිස් නිලධාරීයකු මරු දකියි..”

Spread the love
  •  
  •  
  •  
  •  

මුල්ලේරියාව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන ලද උප පොලිස් පරීක්ෂකවරයෙක් සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබා ගැනීමෙන් සිය දිවි හානි කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. අද (21) පෙරවරු 9.15ට පමණ පරීක්ෂක ශ්‍රේණියේ පොලිස් නිලධාරීන්ගේ නිවස්නයේදී වෙඩි තබාගෙන දිවි නසාගෙන ඇත්තේ උප පොලිස් පරීක්ෂක ප්‍රේමසිරි නමැති නිලධාරියෙකි. ඔහු වයස අවුරුදු 57ක් වූ ඉංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සියදිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!