“මුලතිව් මුහුදේ දමා ඇති මේ කොඩිය මොකද්ද….? “

“මුලතිව් මුහුදේ දමා ඇති මේ කොඩිය මොකද්ද….? “

Spread the love
  •  
  •  
  •  
  •  

මුලතිව් මුහුදේ 02 දා සවස හයට පමණ දමා ඇති කොඩිය අනතුරු ඇඟවීමේ කොඩියක්ද එල්.ටී.ටී.ඊ.මහවිරු සැමරුම් කොඩියක්ද යන්න තෝරා බේරා ගැනීමට නොහැකිව මුලතිව් ධීවරයෝ අතරමංව සිටිති.මීට දින කීපයකට පෙර සිට මුලතිව් මුහුද රළු බවත් එම මුහුදේ කිසියම් අසාමාන්‍ය තත්ත්වයක් ඇති බවත් මුලතිව් ධීවරයින් විසින් ප්‍රකාශ කරණ ලද නමුත් බලධාරීන් ඒ පිළිබදව කිසිඳු උනන්දුවක් නොදැක්වීය.සෙනසුරාදා දහවල් රාජ්‍ය නිලධාරීන් කීපදෙනෙකු පැමිණ මුලතිව් මුහුද විමර්ශනය කිරීමෙන් පසුව මෙවැනි කොඩියක් දක්නට ලැබෙන නමුත් , එය ඇත්ත වශයෙන්ම අනතුරු ඇඟවීමේ කොඩියක්ද යන්න පිළිබඳව කිසිවෙකුත් දැනුවත් කොට නැතැයි මුලතිව් ධීවරයෝ කියා සිටිති.ඊට හේතුව වන්නේ අනතුරු ඇඟවීමේ කොඩියක් නම් එය රතුපාට විය යුතු බවත්, ඒ ගැන කවරෙකුට හෝ දැණුවත් කිරීමක් කළ යුතු නමුත් මේ වනතුරු එවැන්නක් සිදු නොවීමත්, මුලතිව් මුහුදු වෙරළේ දමා ඇති කොඩිය එල්.ටී.ටී.ඊ.මහවිරු සැමරුම් උළෙල පැවැත්වූ දිනවල උතුරු පළාතේ සෑම ස්ථානයකම දමන ලද කොඩියට සමාන නිසාත් මුලතිව් ධීවරයෝ දෙගිඩියාවෙන් යුතුව පසු වෙති.

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!