“මීළඟ ජනපති ගෝඨා හෝ රාජපක්ෂ නම ගෑවුණු අය නෙමෙයි”-මංගල

“මීළඟ ජනපති ගෝඨා හෝ රාජපක්ෂ නම ගෑවුණු අය නෙමෙයි”-මංගල

Spread the love
  • 18
  •  
  •  
  •  
    18
    Shares

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනනපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කිරීම හරහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාවට පණිවිඩයක් ලබාදී ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.ඒ අනුව හිටපු ජනපතිවරයා සිතන්නේ ඔහුගේ සහෝදරයෙක් ජනපතිවිය යුතු බවත්, ඔහු අගමැති විය යුතුබවත්, ඔහුගේ තවත් සහෝදරයෙක් කථානායක විය යුතු බවත්, තවත් සහෝදරයෙක් ආර්ථිකය හැසිරවීමේ ප්‍රධානියා විය යුතු බවත් ඔහුගේ පුතා මීළඟ අනුප්‍රාප්තිකයා වි යුතු බවත් යනුවෙන් යැයි අමාත්‍යවරයා සිය ෆේස්බුක් පිටුවට එක්කළ අදහසක දැක්වෙයි.එසේම හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව මේ වන විට රුපියල් බිලියන 11ක හා රුපියල් මිලියන 33ක මූල්‍යමය වංචා සම්බන්ධයෙන් නඩු විභාග වන බවත් මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

(Visited 60 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!