මීතොටමුල්ල ඛේදවාචකය  “දේශපාලකයන් කළ මිනීමැරුමක්”

මීතොටමුල්ල ඛේදවාචකය “දේශපාලකයන් කළ මිනීමැරුමක්”

Spread the love
  •  
  •  
  •  
  •  

කොළොන්නාව, මීතොටමුල්ල කුණු කන්ද නායයාමෙන් මේ වනවිට 26 දෙනෙකු මරුමුවට පත් වී ඇති අතර, තවත් 20 දෙනෙකු අතුරුදහන්ව සිටින බව බලධාරීහු පවසති.දිවි බේරාගත් පුද්ගලයන් මෙන්ම මළසිරුරු සෙවීමේ මෙහෙයුම දිගටම ක්‍රියාත්මකවන අතර, ඒ සඳහා හමුදා භටයන් 1050 කට ආසන්න කණ්ඩායමක් යොදවා සිටින බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පැවසීය.ප්‍රදේශයේ නිවාස 70 ත්, 100 ත් අතර ප්‍රමාණයක් අනතුරෙන් විනාශ වී ඇතැයි විශ්වාස කෙරේ.කුණු කන්ද ඉවත්කරගන්නා මෙන් ප්‍රදේශවාසීන් දිගින් දිගටම කළ ඉල්ලීමට සවන් නොදුන් බැවින් පසුගිය සිකුරාදා හටගත් නාය යාමෙන් සිදු වූ ජීවිත විනාශය “දේශපාලකයන් කළ මිනීමැරුමක්” බවට උද්ඝෝෂකයෝ චෝදනා කරති.

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!