“මීට පස්සේ ඉන්දියාවෙන් වෘතිකයන් ගෙනෙයි… අපේ දරුවන්ට යන කල දසාව මොකද්ද?” – මහින්ද

“මීට පස්සේ ඉන්දියාවෙන් වෘතිකයන් ගෙනෙයි… අපේ දරුවන්ට යන කල දසාව මොකද්ද?” – මහින්ද

Spread the love
  •  
  •  
  •  
  •  

වැඩි කල වැට බද්දට එක්සත් ජාතික පක්ෂිකයින්ද විරුද්ධ වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියා. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ බුලත්සිංහල ප්‍රදේශයේ පවතී ජන හමුවකට එක වෙමිනනි.
එහිදී ඔහු කියා සිටියේ, “මේ පාරවල් මං දුන්නේ මෙහාට විතරක් නෙවෙයි. යුද්ධෙන් වැට ගහපු උතුරේ පාරවල් ටිකත් මේ වගේ ලස්සනට හදලා දීල තියනවා. අපි

ණයක් ගත්තේ වැඩ කරන්න. දැන් මේ කට්ටිය කියනවා රාජපක්ෂ යුගයේ ණය ගත්ත නිසා තමයි බදු වැඩි කරන්න වෙලා තියෙන්නේ කියලා.
විශේෂයෙන්ම වැට බද්දට වැඩියෙන්ම විරුද්ධ වෙලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ අය.
ව්‍යාපාරිකයෝ ටික මුළු ආසනයේම එලියට බහිනකොට ඒගොල්ලන්ට දැනෙනවා මම කරපු වැඩ ගැන. දැන් එයාලා මෙගා ප්ලෑන් හදනවා. අපි හදපු වරාය නැත්නම් එයාර් පොර්ට් එක නැත නම් මොන ප්ලෑන් වත් නෑ.
මීට පස්සේ ඉන්දියාවෙන් වෘතිකයන් ගෙනෙයි. අපේ දරුවන්ට යන කල දසාව මොකද්ද? ඉතින් මේ තත්වය වෙනස් කරන්න කාලය ඇවිල්ල තියනවයි කියලා මම හිතනවා.”

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!