මිලේච්ඡ ප්‍රහාරයෙන් ක්‍රිකට් තරු හඬා වැටේ

මිලේච්ඡ ප්‍රහාරයෙන් ක්‍රිකට් තරු හඬා වැටේ

Spread the love
  •  
  •  
  •  
  •  

දිවයිනේ ප්‍රදේශ රැසක  පුපුරා ගොය බෝම්බ ප්‍රහාර වලින් මියගිය පිරිස වෙනුවෙන් දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් සිය ශෝකය පළකර තිබෙනවා. සිය ට්විටර් ගිණුම හරහා මෙලෙස ඔවුන් සිය කණගාටුව පළකර සිටිනවා.  ඒ අතර ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක කුමාර් සංගක්කාර , හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධනද සිය ට්විටර් ගිණුම හරහා මෙම ප්‍රහාර වලින් මියගිය පිරිස වෙනුවෙන් කණගාටුව පලකර සිටියා. මේ අතර ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාත් කෝලි, KL රාහුල් , හිටපු ඉන්දීය ටෙස්ට් නායක සචින් ටෙන්ඩුල්කාර්ද ප්‍රහාර වලින් මියගිය වෙනුවෙන් ශෝකය පලකර සිටියා. මේ අතර එංගලන්තයේ හිටපු සුපිරි පිතිකරුවෙකු වන කෙවින් පීටර්සන්ද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුනා.

(Visited 59 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!