මිලියන 500ක වන්දියක් ඉල්ලා අනුර සේනානායකට එන්තරවාසියක්

මිලියන 500ක වන්දියක් ඉල්ලා අනුර සේනානායකට එන්තරවාසියක්

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඉල්ලා කොළඹ හිටපු ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර අද එන්තරවාසියක් යවා තිබේ.
ඒ, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සති අන්ත පුවත්පතකට ලබාදුන් ප‍්‍රකාශයක් නිසා තම කීර්ති නාමයට හානි සිදුව ඇති බව පවසමින්ය.
අත්අඩංගුවට පත්වීමට පෙර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ගේ මරණය සම්බන්ධයෙන් සතිඅන්ත පුවත්පතකට ප‍්‍රකාශයක් ලබා දී තතිබුණේය.
එමඟින් තමන්ගේ කීර්ති නාමයට හානියක් සිදුවූ බවයි කොළඹ හිටපු ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පෙන්වා දුන්නේය.

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!