“මියගිය සාක්ෂි කරුට මීමැස්මොරය” – පොලිසිය |හැබැයි දියේ ගිලිලත් පෙනහල්ලට වතුර ගිහින් නෑ?

Spread the love
  •  
  •  
  •  
  •  

ගුරුවරියවයඹ පළාතේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු විසින් දණ ගස්‌සවා හිංසා කිරීමේ සිද්ධියට භාජනය වූ නවගත්තේගම නවෝද්‍යා පාසලේ විනය භාර ගුරුවරියට මරණීය තර්ජන එල්ල කරමින් ඇය වෙත ලැබී ඇති ලිපියක්‌ සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
මේ සම්බන්ධයෙන් පාසල් ගුරුවරිය නවගත්තේගම පොලිසිය වෙත ඊයේ (05 වැනිදා) පැමිණිල්ලක්‌ ද කර තිබේ.
පොලිස්‌ ආරංචි මාර්ග පැවසුවේ මෙම ලිපිය හලාවත ප්‍රදේශයෙන් තැපැල් කර ඇති බවට හඳුනා ගෙන ඇති බවයි.
ගුරුවරිය දණ ගැස්‌සවීමේ සිද්ධියේදී ගුරුවරියගේ පාර්ශ්වය වෙනුවෙන් සාක්‍ෂි ලබා දුන් සිව්වැනි සාක්‍ෂිකරුගේ සිරුර මීට දින කීපයකට උඩදී ඔහුගේ ඉඩමේ ළිඳක වැටී තිබියදී පොලිසිය මගින් සොයා ගත්තේය.
මෙම පුද්ගලයාගේ මරණය සිය දිවි හානි කර ගැනීමක්‌ ද එසේත් නැත්නම් මිනීමැරුමක්‌ ද යන්න මෙතෙක්‌ හෙළි වී නැත.
පොලිසිය පවසන්නේ මියගිය පුද්ගලයා අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වූවකු බවත් ඔහු මීමැස්‌මොර රෝගයෙන් පෙළෙන්නකු බවත්ය.
පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි සෙනරත් සඳුන්ගහවත්ත මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වේ.

[sexypoll id=”3″]

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!