‘මිනීමරු ප‍්‍රභාකරන්ගෙන් රට බේරාගත්තේ මහින්දයි’…ශ්‍රී ලංකා තෙළිඟු කොංග්‍රසයේ සහාය හිටපු ජනපති මහින්දට..

‘මිනීමරු ප‍්‍රභාකරන්ගෙන් රට බේරාගත්තේ මහින්දයි’…ශ්‍රී ලංකා තෙළිඟු කොංග්‍රසයේ සහාය හිටපු ජනපති මහින්දට..

Spread the love
  • 26
  •  
  •  
  •  
    26
    Shares

ඉදිරි සියලුම මැතිවරණවලදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය යටතේ ඒකාබද්ධ පොදුජන පෙරමුණ සමඟ එක්ව තරගකොට මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියාකරන බව ශ්‍රී ලංකා තෙළිඟු කොංග්‍රසය අවධාරණය කරයි.ශ්‍රී ලංකා තෙළිඟු කොංග්‍රසයේ නායක දේශමාන්‍ය ආචාර්ය ජී.පී. සෙල්වම් මහතා මේ බව ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ පැවැති සාකච්ඡාවකදීය. මෙම හමුව පසුගියදා (10දා) රාත්‍රි පැවැත්වුණේ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙසේදීය.මේ රටට නියම නිදහස ලැබුණේ 1948දී නොව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක ප්‍රභාකරන්ගෙන් මේ රට බේරාගත් 2009 මැයි මස 18 වැනි දින බවත් ඒ සඳහා මුළු රටටම නායකත්වය දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බවත් ජී.පී. සෙල්වම් මහතා ප්‍රකාශ කරයි.එම නිසා ඉදිරියේදී නියමිත සියලුම මැතිවරණවලදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය යටතේ තරගවදින පුළුල් ජාතික සන්ධානයට සහාය දෙන බවත් තෙළිඟු කොංග්‍රසයේ නායකයා ප්‍රකාශ කරයි.

(Visited 47 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!