“මිනිස්සු පුදුම විධියට මාව ඉල්ලනවා… මෙදා සැරේ මම ගොඩ…” – රාජිත

“මිනිස්සු පුදුම විධියට මාව ඉල්ලනවා… මෙදා සැරේ මම ගොඩ…” – රාජිත

Spread the love
  •  
  •  
  •  
  •  

මහ මැතිවරණ තරග බිම දිනෙන් දින උණුසුම්ය. ප්‍රධාන පක්‍ෂවල ඉදිරි පෙළ කථිකයන් මේ දිනවල ඇති පදමට පක්‍ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් තර්ක විතර්ක කරන අයුරු සුලභ දසුනක්‌ වී ඇත. කුමන පැත්තක සිටියද කවදත් එම පාර්ශවයේ ඉදිරි පෙළ කථිකයකු වන අමාත්‍ය රාජිත සේනාරත්නද මේ දිනවල එක්‌සත් ජාතික පෙරමුණේ ප්‍රබල කථිකයකුව සිටියි. මෙකී හේතුව නිසාම රාජිත සේනාරත්න හමුවී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ ඔහුගේ තක්‌සේරුව දැනගැනීම කාලෝචිත යෑයි අපි සිතුවෙමු.
“පේනවද මිනිස්‌සුන්ගෙ තියන උනන්දුව”
අප ප්‍රශ්නයක්‌ විමසන්නටත් මත්තෙන් එසේ කියමින් සංවාදයට මුල පිරුවේ අමාත්‍ය රාජිත සේනාරත්නමය.
ඔබතුමා ඔහොම කිව්වට මාසෙකට කලින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඉඳල දැන් අලියා ලකුණින් එ.ජා.පෙ.න් තරග වදිනවා කියන්නෙ ඔබගෙ ඡන්ද පදනම දෙදරා යනවනෙ?
මට මේ තරම් ඡන්ද පදනමක්‌ කළුතර දිස්‌ත්‍රික්‌කය තුළ කවදාවත් තිබිල නෑ. 1994 ඉඳන් බැලුවොත් මට දැන් තමයි වැඩිම ඉල්ලුමක්‌ තියෙන්නෙ. ඒ කියන්නෙ මේපාර තමයි මගේ ඡන්ද පදනම වැඩිවෙලා තියෙන්නෙ.
එදා වාමාංශික දේශපාලකයකු ලෙස අරගල කළ රාජිත සේනාරත්න අද දක්‍ෂිණාංශ දේශපාලන ප්‍රවාහය වන එ.ජා.ප. ය සමග. එවිට ඔහුගේ වාමාංශික දේශපාලන ප්‍රතිපත්ති ඉබේම දියවී යනවා නොවේද? අපි අමාත්‍යවරයාගෙන් ඇසුවෙමු.
ඕක තමයි සාම්ප්‍රදායික විදියට කරන විශ්ලේෂණය. නමුත් මේ වෙනකොට ඕක වෙනස්‌වෙලා තියනවා. එදා යූ. ඇන්. පී. විරෝධය කියන්නෙ ධනපති විරෝධයටම යූ. ඇන්. පී. ය කියල කිව්වෙ ධනපති පක්‍ෂයට. ඕකනෙ තිබුණෙ. ඒත් අද කොහෙද ධනපති විරෝධයක්‌. ඉස්‌සර ධනපති විරෝධය ගැන කතාකරනවද? නෑනෙ. ජ.වි.පෙ. එකවත් ඒ ගැන කතා කරන්නෙ නෑනෙ. ඒගොල්ල කතා කරන්නෙත් ජාතික ධනේෂ්වර ක්‍රමයේ ප්‍රගතිශීලීභාවය ගැන. ඉතින් ධනපති විරෝධයක්‌ නැති තැන යූ. ඇන්. පී. විරෝධයෙ මොකක්‌ද කියන අර්ථය. මේ තියෙන්නෙ පක්‍ෂ දෙකක්‌ අතර විරෝධය විතරයි.
ගියවර ජනාධිපතිවරණය අරන් බලන්න. ඉස්‌සර කිව්වෙ මහ ධනේෂ්වරයො හිටියෙ එ.ජා.ප. කියලනෙ. ඒත් ගියවර මහ ධනේෂ්වරයො ඔක්‌කොම බහු ජාතික සමාගම් ඔක්‌කොම හිටියෙ මහින්ද රාජපක්‍ෂත් එක්‌කනෙ. ඉතින් එක්‌සත් ජාතික පක්‍ෂයට අද ධනේෂ්වර කියල හරියනවද? අද මේ පක්‍ෂ දෙක අතර තියන පරතරය අඩුවෙලා තියනවා. ඒ නිසා එදා කීව දේවල් කොහොමටත් අද කියල හරියන්නෙ නෑ.
ඔය ව්‍යංගයෙන් කියන දැන් වාමාංශික දක්‍ෂිණාංශ කියල පක්‍ෂ මේ රටේ නෑ කියලද? ඒ අපේ අතුරු ප්‍රශ්නයකි.
ලෙනින්ලා කියපු වම නෙවෙයිනෙ මේ අද තියෙන්නෙ. ආර්ථික ප්‍රතිපත්ති වුණත් ඒ අය නිශ්චිත ආර්ථික ප්‍රතිපත්තියක්‌ ගැන කතා කරන්නෙ නෑනෙ. ඔය කිසිකෙනෙක්‌ සමාජවාදී ආර්ථික ප්‍රතිපත්තියක්‌ මේ රටේ ඇතිකරනවා කියලත් නෑ. ඉතින් කොහොමද වම කියන්නෙ. හැබැයි වමේ මැද කියල කිව්ව නම් ඒක හරි. මාත් පිළිගන්නවා.
පසුගිය ජනාධිපතිවරණ සටනේ සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ගෙ නායකයා ලෙස පිළිගත් රාජිත සේනාරත්න මහතා ඉදිරියේදී තමන්ගෙ නායකයා ලෙස පිළිගන්නෙ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාවද නැතිනම් දැන් ඔහුගේ පක්‍ෂයේ නායක වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද?
මම ඒ දෙන්නම පිළිගන්aනවා. ඒ දෙන්නගෙම ආණ්‌ඩුවකට තමා ඉදිරියේදී මම යන්නෙ. මේ දෙදෙනාටම පැහැදිලි ප්‍රතිපත්තියක්‌ තියනවා. ඒකෙ සම්මිශ්‍රනයක්‌ තමයි එන ආණ්‌ඩුව.
අපේ ඊළඟ ප්‍රශ්නය වූයේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා නියෝජනය කරන පෙරමුණේ දූෂණ චෝදනා ලක්‌වූවන් කිසිවකුත් නැතිද යන්නයි?
කවදාවත් එහෙම සහතිකයක්‌ දෙන්න බෑ. හැබැයි ඒ වගේ දේවල් වලදි අපි කෙළින්ම ක්‍රියාකරනවා. අපි අපේ මතය එළිපිට ප්‍රකාශ කරනවා. මහ බැංකු අධිපතිවරයා පත් කරන වෙලාවේ අපි අපේ මත ඉදිරිපත් කළේ. ඒ වගේ ඉදිරියෙදිත් අපි රජය දැනුවත් කරනවා.
බැංකු බැඳුම්කරණ සිද්ධියේ පරීක්‍ෂණ ක්‍රියාත්මක කරවීම වෙනුවෙනුත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා පෙනී සිටින්නේ ද.
ඒකට අග්‍රාමාත්‍යවරයා පොරොන්දුවෙලා තියනවා තේරීම් කාරක සභාවක්‌ පත්කරන්න. තේරීම් කාරක සභාව තමයි ඕනම දෙයක්‌ සොයාගැනීමට තිබෙන උත්තරීතර කාරක සභාව. එහි සියලුම දේශපාලන පක්‍ෂ නියෝජනය වෙනවා. ඒ කාරක සභාව ඉස්‌සරහට පැමිණ මේ ගනුදෙනුව පිළිබඳ දන්නා ඕනම දෙයක්‌ කියන්න අවස්‌ථාව තිබෙනවා.

සාකච්ඡා කළේ තිස්‌ස ගුණතිලක

(Visited 15 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!