“මැදපෙරදිගින් මතු වූ අලුත්ම හිට්ලර්…..!”

“මැදපෙරදිගින් මතු වූ අලුත්ම හිට්ලර්…..!”

Spread the love
  •  
  •  
  •  
  •  

සවුදි අරාබියේ නව ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්, මෑත කාලීනව ජාත්‍යන්තර පුවත් අඩවිවල නිරන්තරව කතා බහට ලක්‌වුණු අයෙකි. දින කිහිපයකට පෙරාතුව ඔහු එක්‌තරා පුවත් වෙබ් අඩවියට කරන ලද ප්‍රකාශයක්‌ හේතුවෙන් ඔහු නැවතත් මාධ්‍ය තුළ කතා බහට ලක්‌වී ඇත. ඒ ඔහු විසින් පසුගියදා Newyork Times පුවත් සේවයට අදහස්‌ දක්‌වමින් කළ ප්‍රකාශයක්‌ හේතුවෙනි.‘ඉරානයේ ජ්‍යෙෂ්ඨ නායක අයතුල්ලා අලි කාමේනි මැදපෙරදිග කලාපයේ නව හිට්‌ලර් වන බව ඔහු එම පුවත් අඩවියට ප්‍රකාශ කළේය. ‘ඉරානයේ ජ්‍යෙෂ්ඨ නායක අයතුල්ලා අලි කාමේනි තමයි මැදපෙරදිග කලාපයේ අලුත් හිට්‌ලර් මොහොමඩ් බින් සල්මාන් එහිදී පැවසුවේය. ඒ ආකාරයේ සංහිඳියාවක්‌ සාර්ථක නොවන බව අපි යුරෝපයෙන් ඉගෙන ගත්තා. යුරෝපයේදී සිදුවුණු දේ මේ අලුත් හිට්‌ලර් විසින් මැදපෙරදිගට සිදු කරනවා බලන්නට අපිට උවමනා නෑ.මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ මේ ප්‍රකාශය නිසා සවුදි අරාබියත් ඉරානයත් අතර සියුම් සිත් බිඳීමක්‌ද අප්‍රසාදයක්‌ද වර්ධනය වී ඇතැයි කියවෙයි.

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!