මැතිව්ස් හදිසියේම ගෙදර එයි..

මැතිව්ස් හදිසියේම ගෙදර එයි..

Spread the love
  •  
  •  
  •  
  •  

ටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ හෙට (14දා) ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩක ඇන්ජිලෝ මැතිව්ස් සහභාගි නොවන බව වාර්තාවන අතර ඊට එයට හේතුපාදක වී ඇත්තේ ඔහුගේ පවුලට සම්බන්ධ පෞද්ගලික හේතුවක් බවද දැනගන්නට ඇත. එහිදී මීලඟ තරගයට සහභාගි නොවන හේතුවද සඳහන් කරමින් ඉවත්ව ඇති මැතිව්ස් අද හෝ හෙට යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බවද වාර්තාවේ.ඒ අනුව මැතිව්ස්ගේ පුරප්පාඩුව වෙනුවෙන් දසුන් ශානක කොදෙව් දේශය බලා පිටත් වීමට නියමිතව ඇති බවද පැවැසේ. දසුන් ශානකව මෙම තරගාවලියට තෝරාගෙන ඇත්තේ ඔහු ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් දේශයේ කළ සංචාරයේදී දැක්වූ දක්ෂතා පදනම් කරගනිමිණි.කෙසේ වෙතත් පළමු ටෙස්ට් තරගයට එක් නොවූ ධනංජය ද සිල්වා මේ වනවිටත් කණ්ඩායම සමඟ එක්ව ඇති බැවින් මැතිව්ස්ගේ ස්ථානයට ධනංජය ද සිල්වා දෙවන ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බවද දැනගන්නට ඇත.මේ වනවිට ටෙස්ට් තරග 73කදී ශතක 8ක් හා අර්ධ ශතක 28ක් සමඟින් ලකුණු 4956 ක් ලබා ඇති මැතිව්ස්ට ලකුණු 5000 සීමාවට පිවිසීමට ඇත්තේ තවත් ලකුණු 44ක් පමණි.

(Visited 31 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!