මැතිව්ස්-කුසල් ඉදිරියේ දණ ගැසූ කිවියන්ගේ නායක විලියම්සන් මාධ්‍ය ඉදිරියේ ලැජ්ජා වෙයි..!

මැතිව්ස්-කුසල් ඉදිරියේ දණ ගැසූ කිවියන්ගේ නායක විලියම්සන් මාධ්‍ය ඉදිරියේ ලැජ්ජා වෙයි..!

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

කුසල් මෙන්ඩිස් ඔහුගේ සාමාන්‍ය තරග රටාවට වඩා වෙනස් ආකාරයකින් මෙම තරගයේදී පිති ප‍්‍රහාරයේ යෙදුණු බවත් එය විශිෂ්ට ඉනිමක් බවත් ශ‍්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ඊයේ 19දා තරගයෙන් අනතුරුව පැවසීය. ‘‘ඇත්තටම මම සතුටු වෙනවා මෙන්ඩිස් ක‍්‍රීඩා කරපු ආකාරය ගැන. ඔහුගේ සාමාන්‍ය තරග රටාවට වඩා වෙනස් ආකාරයට තමයි මේ තරගයේදී ක‍්‍රීඩා කළේය. ඇත්තටම එ්ක හරිම වෙනස්. කුසල් මෙන්ඩිස්ගේ ශතකය ඇත්තටම වටිනා ශතකයක්. ඔහුගේ ස්වභාවික ශෛලියෙන් ඉවතට ගොස් ලබාගත්ත ශතකයක්.
කුසල් මෙන්ඩිස්
‘ඔහුට ශතකය මග හැරුණා පළමු ඉනිමේදී. නමුත් ඇන්ජලෝ කියන්නෙ ධෛර්යමත් පිතිකරුවෙක්. එ් නිසා ඔහු ගැන වැඩි අවධානයක් ලක්ව තියෙනවා. අපේ කණ්ඩායමේ සිටින පළපුරුදුම ක‍්‍රීඩකයා. ඔහු ලකුණු අතට පිවිසියහොත් අපිට එ්ක ඉදිරියට ගෙන යන්න ගොඩක් විශ්වාසයක් තියෙනවා. කොහොම වුණත් අපි මේ ටෙස්ට් තරගයෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. එ් අනුව ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.’’ යැයි චන්දිමාල් වැඩිදුරටත් පැවසීය.
නවසීලන්ත නායකයා තරගයෙන් පසුව පවසා සිටියේ පළමු ඉනිමේදී තම කණ්ඩායම පිති ප‍්‍රහාරයෙන් සහ පන්දුවෙන් දක්ෂතා දැක්වුවත් දෙවැනි ඉනිමේදී ශ‍්‍රී ලංකාවේ පළමු කඩුලූ තුන දවා ගැනීමෙන් පසුව සිදුවූ දෙය සම්බන්ධයෙන් තම කණ්ඩායම ලැජ්ජාවට පත්විය යුතු බවයි. නමුත් ශ‍්‍රී ලංකා පිතිකරුවන් ධනාත්මකව තරගය ඉදිරියට ඇදගෙන ගිය බවත් තණ තීරුවේ ඉපලීමක් සහ දෝලනයක් අවසන් දින දෙකේදී දක්නට නොලැබුණු බවත් නවසීලන්ත නායක කෙන් විලියම්සන් තරගයෙන් පසුව පැවසීය.

(Visited 54 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!