මැතිවරණ කොමිසම හා සමාජ මාධ්‍ය සමාගම් එක්ව අළුත්ම හරඹයකට සුදානම් වෙයි…!

මැතිවරණ කොමිසම හා සමාජ මාධ්‍ය සමාගම් එක්ව අළුත්ම හරඹයකට සුදානම් වෙයි…!

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

එළඹෙන ජනාධිපතිවරණයට සමගාමීව මැතිවරණ කොමිෂන් සභාව විසින් සමාජ මාධ්‍ය අධීක්ෂණය සඳහා ප්‍රධාන පෙළේ සමාජ මාධ්‍ය සමාගම් සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වනවා.වෛරී ප්‍රකාශ, අසත්‍ය පුවත් ආදිය අධීක්ෂණය මෙමඟින් සිදුවනු ඇති.අවබෝධතා ගිවිසුම් අත්සන් කරනු ලබන සමාජ මාධ්‍ය ජාල අතර ෆේස්බුක්, යූ ටියුබ්, ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් ඇතුළත් බවයි වැඩිදුරටත් වාර්තා වේ .මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන් මෙම කටයුතු යොදා ඇති බවයි එම කොමිසමේ නිලධාරියෙක් තහවුරු කර සිටියේය.ඒ අනුව මේ වසරේදී සමාජ මාධ්‍ය ද දැඩි ලෙස පරීක්ෂාවට ලක්වනු ඇති.මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සිව්දෙනෙකු සහ පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකුගෙන් සමන්විත ඒකකයක් පිහිටුවන බව ද ඊට දිස්ත්‍රික් මට්ටමින් උප ඒකක 25ක් පිහිටුවීමට ද කටයුතු යොදා ඇතැයි සඳහන් වේ.

(Visited 37 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!