මැතිඇමති මන්ත්‍රීලා ආරක්‍ෂක ලොක්කෝ ළමුන් පාසල් නොයවයි..!

මැතිඇමති මන්ත්‍රීලා ආරක්‍ෂක ලොක්කෝ ළමුන් පාසල් නොයවයි..!

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

ආණ්ඩු පක්ෂයේ මැති ඇමති මන්ත්‍රීලාගේ හා විපක්ෂයේ දේශපාලඥයන්ගේ මෙන්ම ආරක්ෂක ප්‍රධානීන්, අධ්‍යාපන ලොකු ලොක්කනගේ අතුළු ප්‍රභූ පුද්ගලයන්ගේ දරුවන්ද පාසල් යවා නැතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජොසප් ස්ටාලිං මහතා කියා සිටියේය. කොළඹ කොම්පඤ්ඤ වීදියේ පිහිටි ‘ආරක්ෂක සේවා’ විද්‍යාලයේ දරුවන් හාරදහසකට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය ලබන බවත්, ඉන් ඊයේ (06) දිනයේ එම පාසලට පැමිණ සිටියේ ළමුන් 34ක් බවත්, අද (07) එය තවත් අඩුවී ළමුන් 25 දක්වා පහල බැස ඇතැයි ඔහු කීහ. ආරක්ෂක අංශවල සේවය කරන අයගේ දරුවන් ද එසේ පාසල් නොයවන්නේ නම් ඉන් පෙනී යන්නේ ඔවුන්ට ද පාසල්වල ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බව යැයි ස්ටාලිං මහතා පැවසීය.

(Visited 100 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!