මා රට හැර ගියේ නැහැ-මහින්ද අගමැති කරවීමේ සටන කිසි ලෙසකින්වත් නවත්වන්නේ නැහැ-ප්‍රසන්න

Spread the love
  •  
  •  
  •  
  •  

මහනුවර රැස්වීම හිටපු ජනාධිපතිතුමා අගමැතිකරවීමේ උත්සහයේ පළමු හෝ අවසන් රැස්වීම නොවන බවත් සිය ස්ථාවරයේ වෙනසක් නැති බවත් බස්නාහිර මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා යලි අවධාරණය කරයි.

සිය Facebook සමාජ ජාල වෙබ් අඩෙවියේ අද පණිවිඩයක් සටහන් කරමින් රණතුංග මහතා මේ බව සදහන්  කර තිබේ. එම පණිඩිවය මෙසේය.

හිතවතුනි,

මා මහනුවර රැස්වීමට නොගොස්  ඕස්ටෙ‍්‍රලියාවට පැමිණීම පිලිබද තවමත් මුහුණු පොතේත් පුවත්පත් ඇතුඵ මාධ්‍ය ඔස්සේත් විවිධ අදහස් පළ වෙමින් තිබේ. මට පක්ෂව හා විපක්ෂව අදහස් පළ කරන සියලූ දෙනාට ස්තූති වන්ත වෙමි.

මහනුවර රැස්වීමට නොගොස් මා  ඕස්ටෙ‍්‍රලියාවට පැමිණීම පිළිබදව පළවූ ඇතැම් වාර්තා වලින් ඇගවෙන්නේ මා එම රැස්වීම මගහැරීමට මෙහි පැමිණි බවයි. මහනුවර රැස්වීම යනු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා අගමැති කරවීමේ උත්සහයේ පළමු හෝ අවසන් රැස්වීම් නොවේ. එබැවින් මගේ මුල් ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බවත් කිසිසේත් එම ස්ථාවරය වෙනස් නොකරන බවත් නැවත නැවතත් අවධාරණය කරමි.

ඉදිරියේදීද රටේ ගම් මට්මේ අපේ පාක්ෂිකයන්ගේ මතය ජයග‍්‍රහණය කරවීම උදෙසා කැපවෙමි. එය කෙලෙසකවත් නතර නොකරමි. ඒ වෙනුවෙන් මා සමග එක්වන ලෙසද ඉල්ලමි.

– ප‍්‍රදීප් අනුර කුමාර

(Visited 17 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!