“මා යළි හිරේ දැම්මත් පැහැදිළිවම කියනවා..”  සෝභිත හිමියන් ඝාතන සැලැස්ම උඩුවේ හිමියන්ගෙන්

“මා යළි හිරේ දැම්මත් පැහැදිළිවම කියනවා..” සෝභිත හිමියන් ඝාතන සැලැස්ම උඩුවේ හිමියන්ගෙන්

Spread the love
  •  
  •  
  •  
  •  

ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිවෙමින් සිටියදී පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ආණ්ඩුවේ පිරිස් විසින්ම ඝාතනය කළබව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් පවසයි. ඉරිදා දිවයින පුවත්පත සමග සසම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එහිමියෝ මේ බව කියා සිටිති. පහත දැක්වෙන්නේ එම සංවාදයයි.
ප්‍රශ්නය- කොටි සංවිධානයට එරෙහිව කළ යුද්ධය සාර්ථකව ඉදිරියට ඇදෙමින් පැවැති අවස්‌ථාවේදී 2007 අය-වැය පරාජය කර එවකට පැවැති ආණ්‌ඩුව පෙරළීමට විපක්‍ෂය උත්සාහ දැරුවා. එම අවස්‌ථාවේදී ජාතික හෙළ උරුමය නියෝජනය කළ ඔබවහන්සේ අයවැයට පක්‍ෂව ඡන්දය ලබාදීම විපක්‍ෂයේ සැලසුම පරාජය වීමට එක්‌ හේතුවක්‌ වූවා. එදා ඔබවහන්සේ ගත් තීරණය විපක්‍ෂයේ දැඩි දොaෂ දර්ශනයට ලක්‌ වූ බව වාර්තා වූවා.එදා ඔබවහන්සේ දොaෂ දර්ශනයට ලක්‌ කළ බලවේග අද බලයට පත්වී තිබෙනවා.පිළිතුර- අතීතය මතක්‌ කරන කොට මම ලබපු විවිධ අත්දැකීම් මතක්‌ වෙනවා. එදා තමයි මම පරුෂ වචනයෙන් මූණටම බැණුම් ඇසුවේ. ශ්‍රීපති සූරියාරච්චි මන්ත්‍රීතුමා එම අවස්‌ථාවේදී මට පරුෂ වචනයෙන් බැණ වැදුණා. මංගල සමරවීර ඇමැතිතුමත් ළඟ සිටියා. එතුමා ඊට සම්බන්ධ නොවුණත් වෙනත් කාරණා කියමින් මට දොස්‌ කිව්වා. නමුත් ශ්‍රීපති සූරියාරච්චි මන්ත්‍රීතුමා නම් එම අවස්‌ථාවේදී තදබල ලෙස පරුෂ වචන කියමින් මට බැන්නා.එබඳු අවස්‌ථාවලදී මම මගේ සිහිය ආරක්‍ෂා කර ගන්නවා. එබඳු අවස්‌ථාවලදී මම හොඳ සිහියෙන් කටයුතු කරනවා. එම අවස්‌ථාවේදී ඔවුන් කියූ සෑම දෙයක්‌ම සිනහමුසුව අහන් ඉඳලා මම කිව්ව පිංවත් මන්ත්‍රීතුමා ඔබතුමා කිව්ව සියලු දේම මම භාර ගන්නේ නෑ. ඒවා ඔබතුමාටම භාරදෙනවා කියල තමයි මම එතනින් ආවේ.2008 අයවැය දිනවන්න මම විශාල වෙහෙසක්‌ මහන්සියක්‌ දරල කටයුතු කළා. ඒ අවස්‌ථාවේදී ශ්‍රීපති සූරියාරච්චි මන්ත්‍රීතුමා සහ මංගල සමරවීර මන්ත්‍රීතුමාත් පාර්ලිමේන්තුවේ අසුන් ගෙන සිටියේ මගේ ආසනයට සමීප ආසනවල. තවත් ඡන්ද 7 ක්‌ තිබ්බානම් අයවැය පරාජය කරන්න තිබ්බා නේද කියන කාරණය පිළිබඳව ඔවුන් කම්පාවට පත්වූවා.ඒ පිළිබඳව ඔවුන්ට ඇති වූ සිත් වේදනාවෙන් තමයි ඔවුන් එදා එහෙම මට කතා කළේ.එතැන් සිට ඇත්තටම මම මහින්ද රාජපක්‍ෂ මහතාට උදව් කළා. නමුත් ඉතාම පැහැදිලිවම සඳහන් කළ යුතුයි මම මහින්ද රාජපක්‍ෂ මහතාට උදව් කළේ ඒ මහතා එම අවස්‌ථාවේදී සැබෑ ලෙසම අපට දීර්ඝ කාලයක්‌ තිස්‌සේ පැවැති අභියෝගය වූ යුද්ධය අවසන් කිරීමට සැබෑ ලෙසම උත්සාහයක්‌ දරන බව මට දැනිච්ච නිසා. එතැන් සිට තමයි මම උදව් කළේ. මහින්ද රාජපක්‍ෂ මහතා යුද්ධය වෙනුවෙන් කළ අවංක කැප කිරීම මම මගේ ඇස්‌ දෙකින්ම දැක්‌ක. එය මට ප්‍රත්‍යක්‍ෂ වූවා. එම නිසා එතැන් සිට යුද්ධය නිමකරන තුරු සෑම දෙයකටම මම සම්බන්ධ වූවා. මමත් මට කරන්න පුළුවන් උපරිම කැපවීම කළා. එයට ගොඩක්‌ අයගේ සිත රිදුණ බව මම දන්නවා. නමුත් මම එම කටයුතු කළේ කාගෙවත් සිත රිදවන්නවත්, කාගෙවත් සිත සනසන්නවත් නෙවෙයි එහෙම කළේ. මම රට වෙනුවෙනුයි එම කැප කිරීම සිද්ධ කළේ.ප්‍රශ්නය- එම කැප කිරීමටද මේ පළිගන්නේ.පිළිතුර- බොහෝ අය එහෙම කියනව. නමුත් මට දැන් එයට ඔව් කියල කියන්න බැරි, මට දැන් දැනෙනවා එම කාරණයටත් වඩා දැන් බුද්ධාගමට විරෝධයක්‌ තිබෙන බව. බෞද්ධ සංස්‌කෘතියට විරෝධයක්‌ තිබෙන බව.මම යළිත් හිරේ දැම්මත් ඉතා පැහැදිලිව කියනව සෝභිත හිමියන් අපවත් කළා කියන එක. මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මරණය ස්‌වාභාවික එකක්‌ නෙවෙයි කියන එක. උන්වහන්සේ ශල්‍යකර්මයකට භාජනය කළා. එය සාර්ථක වූවා. ඒ බව වෛද්‍යවරුන් ප්‍රකාශ කළා. එම නිසා උන්වහන්සේගේ මරණය ඝාතනයක්‌මයි. උන්වහන්සේ මේ අයට විරුද්ධ වෙන්න පටන් ගත්ත ගමන් උන්වහන්සේව සූක්‍ෂ්මව ඝාතනය කළා.ඒ වගේම මට සිංගප්පූරුවේදී දැන ගන්න ලැබුණා මරණයට ආසන්නව සිටියදී උන්වහන්සේ එරටට ගෙන ගිය බව එරට වෛද්‍යවරයා පැවසූ බව. එම නිසා උන්වහන්සේ බේරා ගැනීමට උනන්දුවක්‌ නොතිබුණ බවත් එම වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. රජයේ මැති ඇමැතිවරු පොඩි ලෙඩක්‌ හැදුනත් සිංගප්පූරුවට ඉක්‌මනින්ම යනවා. සමහර අය එහෙ ගිහින් මාස ගණන් සිටිනවා. ඒකේ වරදක්‌ මම කියන්නේ නෑ. නමුත් මේ ආණ්‌ඩුව පිහිටුවන්න උදව් කරපු සෝභිත හිමියන්ව කල් ඇතිව සිංගප්පූරුවට යවන්න කටයුතු නොකළේ ඇයි. ඇයි අපවත් වෙන මට්‌ටමට පත්වෙනකම් ඉඳල ගෙනිච්ෙච්. ඒ වගේම ඇයි උන්වහන්සේගේ මරණය පිළිබඳව මරණ පරීක්‍ෂණයක්‌ සිදු නොකළේ. ඒ වගේම මට නිල නොලත් ආකාරයට දැනගන්න ලැබිල තිබෙනවා උන්වහන්සේගේ සිරුරේ සියලු අභ්‍යන්තර අවයව සිංගප්පූරුවේදී ඉවත් කළ බව. එහෙම කළේ ඇයි?ඊට පෙර සෝම හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙනුත් මෙබඳු ප්‍රශ්න ඇති වූවා. ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ කොමිසම ඉතා පැහැදිලිව සඳහන් කරල තිබෙනවා ප්‍රතිකාර මගහැරීමෙන් සිදුකළ සාපරාධී මරණයක්‌ බව.මෙම හේතු සාධකයන් නිසා මට මුහුණදීමට සිදුවී තිබෙන ප්‍රශ්නය දේශපාලනික ද ආගමිකද කියන ප්‍රශ්නය ඇතිවී තිබෙනවා. මේ දෙකෙන් එකක්‌ තියන බව නම් පැහැදිලියි.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!