“මා ජනපති වූ සැණින් හිටපු ජනපතිවරු සුං”-අනුර

“මා ජනපති වූ සැණින් හිටපු ජනපතිවරු සුං”-අනුර

Spread the love
  • 15
  •  
  •  
  •  
    15
    Shares

ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළහොත් රටේ හිටපු කිසිම ජනාධිපතිවරයෙකු නඩත්තුව සඳහා රටේ මහජන මුදල් වියදම් නොකරන බවත් ඔවුන් නඩත්තුව සඳහා මහජන ආරක්ෂණ අරමුදලකින් දීමනාවක් පමණක් ගෙවීමට පියවර ගන්නා බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද (11) කුරුණෑගල පැවැති ජන හමුවකදී ප්‍රකාශ කළේය.මෙතෙක් හිටපු ජනාධිපතිවරුන් සේම මියගිය ජනාධිපතිවරුගේ දරුවන් සහ භාර්යාවන් නඩත්තු කිරීම සඳහා මේ වනවිට අති විශාල මහජන මුදලක් වැය කිරීමට සිදුව ඇතැයිද එය රටේ ආර්ථිකයට දැරිය නොහැකි බරක් වී ඇතැයිද අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.ජේ.ආර්.ජයවර්ධන මහතාගේ පටන් මහින්ද රාජපක්ෂ මහතා දක්වා මෙතෙක් සිටි සියලුම ජනාධිපතිවරුන්ට තනතුරෙන් ඉවත් වීමෙන් පසුව වාසය කිරීම සඳහා සැප පහසු නිවාස පවා ලබාදී ඇති බව පෙන්වා දුන් දිසානායක මහතා මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයෙන් විශ්‍රාම යාමටත් පෙරම ඉදිරියේ වාසය සඳහා කොළඹින් මේ වනවිට සැප පහසුකම් සහිත සුවිසල් නිවසක් ඉදිකරගෙන ඇති බවද පැවසීය.එබැවින් මේ ආකාරයට  මහජන මුදල් කොල්ලකෑම සඳහා ඉදිරියේදී ඉඩ නොතබන බව පැවසූ අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී විශ්‍රාම යන සහ විශ්‍රාම ගොස් සිටින සියඵම ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් නඩත්තුව සඳහා සමාජ ආරක්ෂණ අරමුදලකින් පමණක් නඩත්තු දීමනාවක් ගෙවීමට පියවර ගන්නා බවද පැවසීය.

(Visited 68 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!