මාස 6 පුතා මරා හක්කපටස් කා මියගිය තාත්තා

මාස 6 පුතා මරා හක්කපටස් කා මියගිය තාත්තා

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

34 හැවිරිදි අමිත කන්දකැටිය ඉකුත් 30 දා සිය ජීවිතයෙන් පලා යන්නේ මහපොළොව නුහුලන පාපතර ක්‍රියාවක්‌ සිදු කොට රටම කම්පාවට පත් කරමින්ය. රට කම්පාවට පත්ව සිටින්නේ අමිත කන්දකැටිය මරණයට පත්වූ ආකාරයවත් ඒ සඳහා තුඩු දුන් අඹුසැමි ආරවුලත්a සම්බන්ධයෙන් නොව ඔහු සිය දිවි නසා ගැනීමට මොහොතකට පෙර සිදු කරන ලද පාපතර පළිගැනීම හේතුවෙන්ය.
එබැවින් රටම කම්පාවට පත්ව ඇත්තේ කුලගෙයට ගිනි ඇවිලීම හේතුවෙන් හක්‌කපටස්‌ කා මියගිය නරුම තාත්තා කෙනකු පිළිබඳව නොව එහි ගොදුරක්‌ බවට පත්ව මියගිය හයමස්‌ වියෑති සිඟිත්තෙකු පිළිබඳ උපන් අතිශය වේදනාබර මිනිස්‌ හැඟීමක්‌ හේතුවෙන්ය.
මියයන විට තිස්‌හතර හැවිරිදි වියේ පසුවූ අමිත කන්දකැටිය පිය පදවිය ලබන්නේ මින් මාස 6 ට පෙර එක්‌තරා දිනකය. සිය බිරිඳ වූ විසිඅට හැවිරිදි හංසමාලා ධනංජනී “අම්මා” කෙනකු බවට පත් කරමින් ඔවුන්ගේ කැදැල්ලට එක්‌වූ අමුත්තා පිරිමි දරුවකු වූ අතර ඔහුට නම් තබන ලද්දේ මධුර අභිමාන් ලෙසින්ය. සිය ජීවිතවලට අභිමානයත් මධුර රසයත් එක්‌ කිරීමට කිරිකැටි බිළින්දා සමත්වීම හේතුවෙන් සිය පුතණුවන් හට එවැනි නමක්‌ තැබීමට අමිත සහ හංසමාලා තීරණය කරන්නට ඇත.
අලුත උපන් “වස්‌තුව” රැගෙන හංසමාලා රෝහලින් පිටත්ව යන්නේ තම දෙමාපියන් දෙපළ වාසය කරන බිංගිරිය ඉහළ කඩිගමුව ප්‍රදේශයටය. සිය මවගේ සහ පියාගේ සෙවණ රැකවරණය යට කෙටි කලක්‌ එහි රැඳී සිටීම ඇගේ බලාපොරොත්තුව වූ අතර විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයෙක්‌ වන හංසමාලාගේ පියාගේ ඉල්ලීම වී තිබුණේත් ටික කලක්‌ ඔවුන්ගේ සෙවණ යට තම දියණියට කල්ගත කරන ලෙසය.
අලුත උපන් දරු පැටවා ද සමග සිය දෙමාපිය සෙවණ වෙත පැමිණි ගමන ඉරණම් ගමනක්‌ බවට හංසමාලාට නොවැටහෙන්නට ඇත. මෙරට සම්ප්‍රදායට අනුව බිරිඳක්‌ මවක්‌ වූ පසු ටික කලක්‌ සිය දෙමාපිය සෙවණේa පසුවීම සාමාන්‍ය තත්ත්වයක්‌ය. හංසමාලාටද එහි වෙනසක්‌ නොවීය. හංසමාලාගේ හා ඇයගේ දෙමාපියන්ගේ කැමැත්ත එසේ වුවද ඇගේ සැමියා වන අමිත තුළ තිබී ඇත්තේ ඊට ප්‍රතිවිරුද්ධ අදහසක්‌ ය. ඔහු වරින්වර සිය බිරිඳගෙන් ඉල්ලා ඇත්තේ හැකි ඉක්‌මනින් ඔහුගේ ගම්පළාත වන බදුල්ලට පැමිණෙන ලෙසය.
එහෙත් ඒ සෑම අවස්‌ථාවකදීම හංසමාලා විසින් එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කිරීම අමිත හා හංසමාලා අතර ගැටුමක්‌ නිර්මාණය වීමේ වස්‌තු බීජය වී ඇත. මේ කාරණා හෙළි වන්නේ අමිතගේ මරණයෙන් පසු බැවින් මෙම අඹුසැමියන් අතර හටගත් ගැටුමට වෙනත් කරුණු කාරණා ආදියත් මුල්වූවේ දැයි තවමත් නිශ්චිතව කිව නොහැකිය. දැනට සිදු කරනු ලබන පොලිස්‌ පරීක්‍ෂණවලින් අනතුරුව ඒ පිළිබඳ තොරතුරු වේ නම් ඒවා හෙළිදරව් වනු ඇත.
කෙසේ වෙතත් විවිධ හැලහැප්පීම් මත අමිත හා හංසමාලාගේ ජීවිත ගමන ඉදිරිය බලා ඇදුනේ අරමුණකින් තොරවය. එය අඹුසැමියන් අතර පැවතිය යුතු සතුට සැනසුම අහිමි ගමනක්‌ බඳුය. එහෙත් හංසමාලාට එක සැනසීමක්‌ විය. ඒ තමන් තුරුලේ සැනසෙන සිඟිති පුතුගේ දයාකාරකම් ය. ඒවා දකින හංසමාලාට තනිකම නොදැනෙන සුළුය. දරු සෙනෙහස ඉදිරියේ අන් සියලු දේ පරාජය වූ සෙයක්‌ ය.
ඒවනවිට අමිතගේ සිත යකා නැටූ පිට්‌ටනියක්‌ බඳුය. සිය තනි නොතනිය පිණිස බිරිඳ තමන් සමීපයේ නැත. අලුත උපන් දරු පැටවා දැක සැනසීමේ වරම් අහිමි ය. නැවතත් ඔවුනොවුන් එක වහළක්‌ යටට වීමේ සිහිනය දිනෙන් දින ආපස්‌සට යැමක්‌ මිස සැබෑවක්‌ වීමේ සේයාවක්‌වත් පෙනෙන තෙක්‌ මානයක නැත. අවසානයේදී අමිතගේ සිත මාරයාගේ විමානයක්‌ බවට පත්වන්නේය.
දිනය ඉකුත් 30 දාය . එය අමිත කන්දකැටිය හෙවත් ජාතික හැඳුනුම්පතේ සඳහන් පරිදි චමින්ද පාලිත වීරසිංහගේ පමණක්‌ නොව හංසමාලා ධනංජනී ඇතුළු ඇගේ පවුලේ අනෙකුත් සාමාජිකයන්ගේ ජීවිතවලට ද තීරණාත්මක දිනයක්‌ වී ඇත. අමිත කන්දකැටිය යනු හංසමාලාගේ ස්‌වාමිපුරුෂයා හඳුන්වන අන්වර්ථ නාමයක්‌ වන අතර බිංගිරිය ඉහළ කඩිගමුව ප්‍රදේශයේ බොහෝ දෙනෙක්‌ ඔහුව හඳුන්වනු ලබන්නේ ඒ නමින්ය.
බදුල්ල කන්දකැටිය ප්‍රදේශයේ සිට සිය බිරිඳගේ නිවස වෙත පැමිණෙන අමිත එදින සිය අවසන් තීරණය හොඳින් හෝ නරකින් සැබෑවක්‌ බවට පත් කර ගැනීම පිණිස අරඅඳින්නේය. ඒ අනුව සිය බිරිය අමතමින් ඔහු විසින් ප්‍රකාශ කර ඇත්තේ දරුවා ද සමග නැවත සිය නිවෙස වෙත පිටත්ව යැමට සූදානම් වන ලෙසින් ය. එහෙත් හංසමාලා තුළ ඒ පිළිබඳ කැමැත්තක්‌ තිබී නොමැත. ඇය විසින් ප්‍රකාශ කර සිටින්නේ තමන්ට නැවතත් බදුල්ල තන්දකැටිය බලා පැමිණිය නොහැකි බවත් තවදුරටත් දරුවාද සමගින් තම දෙමාපියන් සෙවණේ පසුවීමට ඇය තීරණය කර ඇති බවත් ය.
එලෙස ආරම්භ වන බහින්බස්‌වීම ගැටුමක්‌ බවට පත් වන්නේ ඉන් අනතුරුවය. ඒ වනවිට අමිත සතුව පැවති සියලු ඉවසීමේ සීමාවන් පමණක්‌ නොව මනුස්‌සකම නමැති වටිනාම මානව හැඟීමද ඔහු වෙතින් පලා ගොස්‌ තිබිණි. තමන් පැමිණෙන විට රැගෙන ආ මන්නා පිහිය අතට ගන්නා අමිත එය සිය බිරිඳ වෙත යොමුකරමින් නැවත නැවතත් ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ යෝජනාවට එකඟ වන ලෙසත් එසේ නොවෙන්නේ නම් තමන් විසින් බරපතළ විනාශයක්‌ සිදු කරන බවත් ය.
ඒ කිසිවකටත් හංසමාලාගෙන් යහපත් ප්‍රතිචාරයක්‌ නැත. ඇය දිගින් දිගටම සඳහන් කර ඇත්තේ තමන්ට නැවතත් බදුල්ල බලා පිටත්ව යැම කළ නොහැක්‌කක්‌ බවය. එම ප්‍රකාශයත් සමග සියලු බැඳීම් සිඳ බිඳ දමමින් අමිතගේ සිත මාරාවේෂයට පත් මොහොත වී ඇත.
පීතෘත්වයේ සියලු වටිනාකම් ඉවතලා සිටි අමිතගේ ඇස්‌ කිරි සිහින දකිමින් නිදන හයමස්‌ හැවිරිදි පුතු වෙත යොමුවන්නේ ඒත් සමගිනි. තම අත වූ මන්නා පිහිය සිඟිති පුතුගේ හිස මතට පතිත කරන නරුම තාත්තා දකින හංසමාලා ඒත් සමග ඔහු වෙත කඩා පනින්නේ එම විපතින් පුතණුවන් බේරා ගැනීමේ අරමුණිනි. එවර ඇයටද හිමි වන්නේ මන්නා පහර කීපයකි. මේ අතර තම දියණියත් බෑණාත් අතර ආරවුලක්‌ හටගෙන ඇති බව වටහා ගන්නා හංසමාලාගේ තාත්තා වන විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයා කාමරය වෙත දිවවිත් ඇත්තේ කුමක්‌ සිදුවේදැයි දැන ගැනීමේ අරමුණෙන් යුතුවය. එහෙත් ඔහුගේ පැමිණීම ප්‍රමාද වැඩිය. මාරාවේශයෙන් නලියන අමිතගෙන් ගැලවීමට ඔහුටද ඉඩක්‌ ලැබෙන්නේ නැත. තමන් අත වූ මන්නා පිහිය ඉහළට ඔසවා ඇති අමිත එය සිය මාමණ්‌ඩියගේ හිස මතට පතිත කරන්නේ ඔහුවද පරලොව යෑවීම පිණිස ය. ගැටුම එතැනින් ද හමාර වී නැත. ඉන් අනතුරුව එම ස්‌ථානයට පැමිණ ඇත්තේ හාංසමාලාගේ මෑණියන් ය. ඇයටද මන්නා පහර එල්ල කරන අමිත ලේ වැකුන මන්නා පිහිය අතැතිව අවට විපරම් කොට ඇත්තේ සියල්ල හමාරදැයි සැක හැර දැන ගැනීම පිණිසය. මිනිස්‌ සිත තිරිසන් ආත්මයකට පරිවර්තනයවූ පසු කළ නොහැකි කිසිවක්‌ නැති බව පසක්‌ කළ අමිත තම රංගනයේ ඉතිරි කොටස රඟ දක්‌වා ඇත්තේ ඉන් අනතුරුවය.
ම්ලේච්ඡත්වයේ සියලු සීමා මායිම් හිරිකිතයකින් තොරව පසුකොට සිටි අමිත එතෙක්‌ තමන් සන්තකයේ සඟවා තබාගෙන සිටි “හක්‌කපටස්‌”එක මුඛයේ ඔබාගෙන ඇත්තේ ඉන් අනතුරුවය. එය ඔහුගේ ජීවිතයේ අවසන් ජවනිකාව විය.
සිදුවීමත් සමග ඒ අවට රැස්‌වූ ප්‍රදේශවාසීන්ට දකින්නට ලැබී ඇත්තේ නිවස ඉදිරිපසට වන්නට බිම වැටී සිටි හිස සුන් මළ සිරුරක්‌ ය. නිවස තුළ ද බරපතළ කැපීම් තුවාල සහිත හංසමාලා ඇතුළු ඇගේ දෙමාපියන් දෙපළය. තවත් තැනක හිසට එල්ල කළ මාරාන්තික මන්නා පහරකින් අකලට මිලිනව ගිය සිඟිති පුතු මධුර අභිමාන්ය. සියල්ල සිදුවීමට ගතව ඇත්තේ විනාඩි කීපයක්‌ තරම් සුළු වේලාවක්‌ය. එය මහා ෙ€දවාදකයක්‌ නිර්මාණය කළ විනාඩි කීපයක්‌ වී ඇත.
දුරකථන ඇමතුමක්‌ මගින් හටගත් ඇසුරක්‌ විවාහයෙන් කෙළවර වීමත් එහිම දිගුවක්‌ ලෙස අඹුසැමියන් අතර හටගත් ගැටුමක්‌ හේතුවෙන් අහිංසක දරු පැටියෙක්‌ මරණයටත් පත් කොට සිය බිරිය ඇතුළු ඇයගේ දෙමාපියන්ට බරපතළ අනතුරු සිදුකිරීමත් ඉන් අනතුරුව තමන්ද ජීවිතය හානි කර ගනිමින් ජීවිතයෙන් පලා යැමත් පුද්ගලයකුට කළ හැකි නම් ඔහු නරුමයකු මිස මිනිසකු නොවන බව ඉහත සඳහන් කථාවෙන් පැහැදිලිව පෙනෙන අතර මෙවැනි දේ ශිෂ්ට සම්පන්න මිනිස්‌ සමාජය තුළ කිසිසේත්ම සිදු නොවිය යුතු දැය.

(Visited 69 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!