මාස 06ක් ප්‍රශ්න කළත් ඵලක් නැතිවෙයි! කුඩුත් එක්ක ඇල්ලූ මොහොමඩ් සිද්ධික් ඇතුළු 05ක් නිදොස්කොට නිදහස්

මාස 06ක් ප්‍රශ්න කළත් ඵලක් නැතිවෙයි! කුඩුත් එක්ක ඇල්ලූ මොහොමඩ් සිද්ධික් ඇතුළු 05ක් නිදොස්කොට නිදහස්

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

හෙරොයින් ග‍්‍රෑම් 08යි දශම එකක් සන්තකයේ තබාගෙන සිටි බවට අධි චෝදනා ලැබ සිටි ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවෙකු බව කියන මොහොමඩ් සිද්ධික් ඇතුළු විත්තිකරුවන් 05 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (13) නියෝග කළා.කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි එම නියෝගය ලබාදුන්නේ පැමිණිලි පාර්ශවයේ සාක්ෂිකරුවන්ගේ පරස්පර සාක්ෂි හේතුවෙන්. 2003 වසරේ පෙබරවාරී මස 03 වනදා මහරගම ප‍්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ජීප් රථයකින් ගමන් කරමින් සිටි මෙම විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවටයි නීතිපතිවරයා චෝදනා ගොනු කර තිබුණේය. 2015 පාකිස්ථානයේ සැඟවසිටියදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මොහොමඩ් සිද්ධිකි 2015 මාර්තු 19දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙරටට ගෙනඑනු ලැබුවා. අනතුරුව මාස 06ක් රඳවාගෙන ප්‍රශ්න කළ සිද්ධික් 2015 සැපිතැම්බර් මස 19දා අලුත්කඩේ මහේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නඩු විභාගය ඇරඹුණා.

(Visited 30 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!