මාලිංගට සහ උදානට කැරිබියන් පිටියේදි ඉහළම මිලක්

මාලිංගට සහ උදානට කැරිබියන් පිටියේදි ඉහළම මිලක්

Spread the love
  • 2
  •  
  •  
  •  
    2
    Shares

මෙවර කැරිබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසියේදී වැඩිම මිලක් නියම වූ කී‍්‍රඩකයින් අතරට ලසිත් මාලිංගට සහ ඉසුරු උදාන ද එක්ව සිටිනවා.සාන්ත ලූසියා ස්ටාර්ස් කණ්ඩායම විසින් ලසිත් මාලිංගව මිලදී ගෙන තිබුණේ අමෙරිකානු ඩොලර් එක් ලක්ෂ හැට දහසකටයි. එහි වටිනාකම ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි දෙකහමාරකට අධික වනවා. ඉසුරු උදාන එම වටිනාකමට මිලදී ගනු ලැබුවේ සාන්ත කිට්ස් කණ්ඩායම විසින් වේ.මෙවර කැරිබියන් පි‍්‍රමියර් ලීග් තරගාවලියට එක්වීමේ අවස්ථාව තිසර පෙරේරා, සීකුගේ ප‍්‍රසන්න සහ නිරෝෂන් දික්වැල්ලට ද හිමිව තිබෙනවා.2019 කැරිබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලිය ලබන අගෝස්තු මස 21වනදා ආරම්භ වීමට නියමිතයි.

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!