මානව හිමිකම් සමුළුවට අපේ හමුදා රහස් තොරතුරු ඕනලු….

Spread the love
  •  
  •  
  •  
  •  

ශ්‍රී ලංකාවේ අණදෙන නිලධාරීන් හා ඔවුන්ගේ කාර්ය භාරයද ස්‌ථානගතවී ඇති කඳවුරු ගැනද සියලු තොරතුරු දැනුම් දෙන ලෙස මානව හිමිකම් කවුන්සිලය කළ ඉල්ලීම රජය මුළුමනින්ම ප්‍රතික්‌ෂේප කර ඇත.
මෙම ඉල්ලීම කර ඇත්තේ වන්නි මෙහෙයුමට සම්බන්ධ හමුදා නිලධාරීන්ට සාවද්‍ය යුද අපරාධ චෝදනා ඉදිරිපත් කර ඔවුන්ව කොටුකර ගැනීමට බව හෙළිවී තිබේ.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත හමුදා ව්‍යqහය ගැන තොරතුරු ඉල්ලා සිටි මුල් වතාව මෙයයි.
ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‌ෂාව පිළිබඳව මානව හිමිකම් කවුන්සිලය සමග කිසිදු එකඟතාවකට නොයන්නෙමු යෑයි රජය මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද්රා- හුසේන්ට දැනුම්දී ඇත.
යුද හමුදාවේ අණදෙන නිලධාරීන්ගේ තොරතුරු සපයන ලෙස මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට දන්වා ඇත්තේ ඔවුන් ගැන ජාත්‍යන්තර අපරාධ අධිකරණයට වාර්තාවක්‌ යෑවීමට බවද හෙළිවී තිබේ. මේ අතර ජිනීවා ආරංචි මාර්ග පැවසුවේ මාර්තු මස ප්‍රකාශයට පත් කෙරෙන ශ්‍රී ලංකාවට එරෙහි විමර්ශන වාර්තාවෙන් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කීපදෙනකුට සාවද්‍ය චෝදනා එල්ල කර ඇති බවයි. [sexypoll id=”9″]

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!