මාධ්‍ය ආයතන වලට මංගලගෙන් කෝටි තුන හමාරක දොළ පිදේණි

මාධ්‍ය ආයතන වලට මංගලගෙන් කෝටි තුන හමාරක දොළ පිදේණි

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා නමැති ප්‍රචාරණ ව්‍යාපෘතිය සඳහා දායක වීම වෙනුවෙන් විද්‍යුත් මාධ්‍ය ආයතන පහකට රුපියල් කෝටි තුනහමරකට ආසන්න මුදලක් ගෙවීම් වශයෙන් සිදුකිරීමට මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යශය කටයුතු කර තිබේ. ඒ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නියෝගයකට අනුවයි.රෙනෝ ද සිල්වා මහතාට අයත් හිරු මාධ්‍ය ජාලයට මිලියන 14ක මුදලක්ද, දිලිත් ජයවීර මහතාට අයත් දෙරණ මාධ්‍ය ජාලයට රුපියල් මිලියන 6.5ක්ද, අර්ජුන රාජමහේන්ද්‍රට අයත් සිරස මාධ්‍ය ජාලයට රුපියල් මිලියන 3.5ක් ද ඇතුලුව මාධ්‍ය ආයතන පහක් සදහා මෙම ගෙවීම් සිදුකර තිබේ.මීට අමතරව වෙන් අඩවි, ගුවන් විදුලි නාලිකා සහ ෆේස්බුක් පිටු සදහා රුපියල් කෝටි 2ක පමණ දැවැන්ත මුදලක් ගෙවීම් වශයෙන් සිදුකර ඇතැයි වාර්තා වී ඇත.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!