මාධ්‍ය ආයතන තම ප්‍රසිද්ධිය වෙනුවෙන් ආණ්ඩුව විවේචනය කරනවා – ජනපති

මාධ්‍ය ආයතන තම ප්‍රසිද්ධිය වෙනුවෙන් ආණ්ඩුව විවේචනය කරනවා – ජනපති

Spread the love
  •  
  •  
  •  
  •  

මාධ්‍ය ආයතනයේ ප්‍රසිද්ධිය වෙනුවෙන් ආණ්ඩුවට ප්‍රහාර එල්ල කරන බවත්. ප්‍රජාතන්ත්‍රවාදීත්වය හා නිදහස අයුතු ලෙස පරිහරණය කර රටට හානියක් නොකරන ලෙස තමන් ඔවුන්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. අද (02) උදෑසන ”ලක්සඳ සෙවණ” නිවාස සංකීර්ණයේ දෙවන අදියර ජනතා අයිතියට පත්කිරීමේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. රටක් විදියට සුබවාදීව සිතිය යුතු නමුත් අද ලංකාව තුළ අසුබවාදී ආකල්ප බොහෝ සෙයින් වර්ධනය වී ඇති බවත් ඒ තුළින් ජනතාවට නොමඟ යන බවත් පැවසු ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ අද වන විට මාධ්‍ය ආයතන තුළත් ඒ සඳහා වැඩි ඉඩ කඩක් හිමි වී ඇති බව යි.

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!