මාධ්‍යවේදීයාට පහර දුන් බුද්ධි අංශ සෙබලාට වැඩ වරදී

මාධ්‍යවේදීයාට පහර දුන් බුද්ධි අංශ සෙබලාට වැඩ වරදී

Spread the love
  •  
  •  
  •  
  •  

මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදුන් බව කියන හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකු ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී හඳුනා ගැනුණේය.
ඒ අද පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවේදීය. උපාලි තෙන්නකෝන් මහතා සහ ඔහුගේ බිරිඳ විසින් සැකකරු හඳුනාගත් බවය.
ඉකුත් 2009 වසරේ ජනවාරි මස 23 වෙනිදා ගම්පහ ඉඹුල්ගොඩ ප‍්‍රදේශයේදී මෙම පහරදීම සිදු විය.
සැකකරු ලබන 29 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගම්පහ අතිරේක මහේස්ත‍්‍රාත් ලලිත් කන්නන්ගර මෙහිදී නියෝග කළේය.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!