“මාධ්‍යවේදීන්ට ලියන්න අයිතියක්‌ තියෙනවා… වගකිව යුත්තේ පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකයි” – මහේස්ත්‍රාත්

“මාධ්‍යවේදීන්ට ලියන්න අයිතියක්‌ තියෙනවා… වගකිව යුත්තේ පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකයි” – මහේස්ත්‍රාත්

Spread the love
  •  
  •  
  •  
  •  

මාධ්‍යවේදීන්ට ලියන්න අයිතියක්‌ තියෙනවා – ගම්පහ යක්‌කල එගොඩවත්තේ නිවාසයකට අයුතු ලෙස ඇතුළුවීම සහ පුද්ගලයකුට අතින් පයින් පහරදී සුළු තුවාල කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ගම්පහ මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්‌ඩයා නමැත්තාට රුපියල් 50,000 ක්‌ බැගින් වූ ශරීර ඇප 2 ක්‌ මත මුදාහරින ලෙසට ගම්පහ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ටිකිරි කේ. ජයතිලක මහතා ඊයේ (21 දා) නියෝග කළා.
මහර බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අතර නීතිඥ සමන් සේනානායක මහතා සැකකරුට ඇප ලබාදෙන ලෙස ඉල්ලීමක්‌ කළ අතර නීතිඥ පාලිත සේනාධීර මහතා පවසා සිටියේ සැකකරුට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පහරදී ඇති හෙයින් සැකකරුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයකු වෙත ඉදිරිපත් කරන ලෙසයි.
එවිට මහෙස්‌ත්‍රාත්වරයා පවසා සිටියේ සැකකරුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගැනීමේ අදාළ නඩුව මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයේ පවතින එකක්‌ හෙයින් ඒ සඳහා මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයට මෝසමක්‌ ගොනුකර එම ඉල්ලීම සිදු කරන ලෙසයි.
” පොලිස්‌ අත්අඩංගුවට ගන්නා ඕනෑම පුද්ගලයෙක්‌ චෝදනා ඔප්පු කරනතුරු සැකකරුවෙක්‌. නඩු විභාග කරන්නේ සාක්‍ෂි ආඥ පනත යටතේ. සැකකරුවෙක්‌ අපරාධකරුවෙක්‌ ලෙස සඳහන් කරන්න පොලිසියට හැකියාවක්‌ නැහැ. මාධ්‍යවේදීන්ට ලියන්න අයිතියක්‌ තියෙනවා. සැකකරු සම්බන්ධයෙන් පළවූ ප්‍රවෘත්ති සම්බන්ධව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක වගකිව යුතුයි.” යන්න ගම්පහ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ටිකිරි කේ. ජයතිලක මහතා සඳහන් කළා.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!