මාධ්‍යවල පළ වූ ප්‍රවෘත්ති ප්‍රතික්‌ෂේප කරන බවට රට කෑ රතන කියයි

මාධ්‍යවල පළ වූ ප්‍රවෘත්ති ප්‍රතික්‌ෂේප කරන බවට රට කෑ රතන කියයි

Spread the love
  •  
  •  
  •  
  •  

දේශපාලන පක්‌ෂයක්‌ නියෝජනය නොකර ස්‌වාධීනව ආණ්‌ඩුවේ සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් තමන් හා පැවසූ බව සම කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව ස්‌වාධීන වූයේ මීට කලකට පෙර බවත් මාධ්‍යවල පළ වන වාර්තා ගණන් නොගන්නා ලෙස උන්වහන්සේ තමාගෙන් ඉල්ලා සිටි බවත් ඊයේ (18 දා) පැවැති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා කියා සිටියේය.
මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ඇමැතිවරයා ආණ්‌ඩුවේ වැඩපිළිවෙළ ගැන කලකිරී සිටින බවට ප්‍රකාශ කර ඇත්තේ කරුණු හරි හැටි අවබෝධ කර නොගෙන යෑයිද ආණ්‌ඩුව ඉකුත් වසර දෙකේදී විශාල වැඩ කොටසක්‌ සිදු කළ බවද කීය.
රතන හිමියන්ගේ අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව පළ වීමෙන් පසුව තමන් උන්වහන්සේ සමඟ පුද්ගලිකව කතා කළ බවත් මාධ්‍යවල ඒ පිළිබඳව පළ වූ ප්‍රවෘත්ති උන්වහන්සේ ප්‍රතික්‌ෂේප කළ බවත් ඇමැතිවරයා කියා සිටියේය.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!