මාතර ධීවර ගම්මානයකට නිත්තෑවන් ගෙන් ප්‍රහාරයක් (VIDEO)

මාතර ධීවර ගම්මානයකට නිත්තෑවන් ගෙන් ප්‍රහාරයක් (VIDEO)

Spread the love
  • 12
  •  
  •  
  •  
    12
    Shares

මාතර – තොටමුණ ධීවර ගම්මානයේ පුද්ගලයෙකුට ඊයේ රාත්‍රියේ කුරු මිනිසුන් කිහිපදෙනෙකු පහරදුන් බව කියන සිදුවීමක් වාර්තා වේ.

මාතර, තොටමුණ ධීවර ගම්මානයේ පදිංචි මෙම පුද්ගලයා ඊයේ පස්වරුවේ මෙම සිදුවීමට මුහුණ පා ඇත.

සිද්ධියට මුහුණ දුන් මෙම පුද්ගලයා සඳහන් කළේ කුරු මිනිසුන් 5 දෙනෙකු පැමිණ තමන්ට පහර දුන් බවත් ඉන් ගැලවීමට තමන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවය.මෙම සිදුවීම දුටු කුඩා දරුවෙකුද ඒ පිළිබඳව අදහස් පළ කර සිටියේය.

නිත්තෑවන් යැයි සැකකෙරෙන මෙම කුරු මිනිසුන් පිළිබඳව ආසන්නතම සිදුවීම මීට පෙර වාර්තා වුණේ කුළියාපිටිය එළතලව සහ මුණමල්දෙණිය යන ප්‍රදේශයන්ගෙන්ය.

ඊට අමතරව අනුරාධපුර මහවිලච්චිය, ඇද්දකල්ල ප්‍රදේශයෙන් මෙන්ම අම්පාර, දමන තොට්ටම ප්‍රදේශයේ ගොවීන් පිරිසක්ද මෙම කුරු මිනිසුන් දැක ඇත.

නිත්තෑවන් යැයි සැළකෙරෙන මෙම කුරු මිනිසුන් පිළිබඳව වාර්තා පළ වීමත් සමඟ පරීක්ෂණ පැවැත්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අංශය සඳහන් කළේ දුටු බව කියන කුරු මිනිසුන් අතීතයේ විසූ නිත්තෑවන් බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් හමු වී නොමැති බවය.

වීඩියෝව පහතින් නරඹන්න – උපුටාගැනීම හිරු පුවත්

(Visited 74 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!