මහ බැංකු මගඩියේ මහ මොළකරු සිංගප්පුරුවේ….

මහ බැංකු මගඩියේ මහ මොළකරු සිංගප්පුරුවේ….

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පුරුවේ රැඳී සිටින බවට ජාත්‍යන්තර පොලීසිය තහවුරු කර තිබේ.අද නීතිපති දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ජාත්‍යන්තර පොලීසියේ සිංගප්පුරු ශාඛාව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳව නිල වශයෙන් දැනුම් දී ඇති බවයි.මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධ නඩුව අද කැඳ වූ අවස්ථාවේදී අධිකරණයේදී මේ බව අනාවරණ විය.මීට අමතරව මෙම නඩුවට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් හා ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන අද අධිකරණයට ඉදිරිපත් කල අතර එහිදී කොටුව මහේස්ත‍්‍රාත් නියෝග කලේ ලබන මස 07 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!