“මහ බැංකුවේ මූල්‍ය වංචාව ගැන පැමිණිලි කල දෙන්නාම දැන් ඇමතිවරු” – දිනේෂ්

“මහ බැංකුවේ මූල්‍ය වංචාව ගැන පැමිණිලි කල දෙන්නාම දැන් ඇමතිවරු” – දිනේෂ්

Spread the love
  •  
  •  
  •  
  •  

යහපාලන ආන්ඩුව යටතේ සිදු වූ දැවැන්තම මූල්‍ය වංචාව වන මහබැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කළ දෙදෙනාටත් මේ වන විට යහපාලන ඇමතිධූර හිමිව ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි ගුණවර්ධන මහතා පවසයි.
අද කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ දේශපාලන බංකොළොත්භාවය හේතුවෙන් විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් පිරිසක් බාගෙන දැන් පිහිටුවා ඇත්තේ ජාතික ආණ්ඩුවක් නොව සභාග ආණ්ඩුවක් බවත්ය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් මෙම ආණ්ඩුවට සහය ලබාදිය යුතු බවට කිසිදු දේශපාලන තීන්දුවක් ගෙන නැති අතර ඒ සඳහා අවසරයක්ද නැති බවත් පැවසූ ඔහු මෙම සිදුවීම ජනතාව විසින් දුන් ජනවරම සපුරා උල්ලංඝණය කිරීමක් බවත් කියා සිටියේය.
යහපාලනය පෙන්වා පිටුපස දොරින් ඇමතිකම් දීමෙන් පිළිඹිබුවන්නේ දේශපාලන අවිනිශ්චිතභාවය යයිද කී මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂ මහතා නැවත මේ රටේ නායකත්වයට ගෙන ආ යුතු බවට තමන් ගත් තීන්දුවෙන් පසු ජනතාවට කී දේ අද සත්‍යයක් බවට පත්වෙමින් තිබෙන බවත් වැඩිදුරටත් කියා සිටියේය.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 12 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!