මහින්ද සුදානම්… ඉදිරි පළාත් පාලන මැතිවරණයට අපේක්‌ෂකයන් තෝරා ගැනීම ආරම්භ කරයි…

මහින්ද සුදානම්… ඉදිරි පළාත් පාලන මැතිවරණයට අපේක්‌ෂකයන් තෝරා ගැනීම ආරම්භ කරයි…

Spread the love
  •  
  •  
  •  
  •  

ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවත්වෙන දිනය නම් කිරීමෙන් පසු ඒ සඳහා තරග වදින ඒකාබද්ධ විපක්‌ෂයේ නව සන්ධානය ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇත. මෙම නව සන්ධානයට දේශපාලන පක්‌ෂ රැසක්‌ එක්‌වෙන අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඊට නායකත්වය දෙන බව ඒකාබද්ධ විපක්‌ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්‌ පවසා සිටියේය.
මේ දිනවල ජපානයේ සංචාරයක නිරතව සිටින මහින්ද රාජපක්‌ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් නව දේශපාලන සන්ධානය පිහිටුවීම පිළිබඳව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් ප්‍රශ්න කිරීමේ දී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ නියත වශයෙන්ම තම සන්ධානය ගොඩ නඟන බවයි.
මහින්ද රාජපක්‌ෂ මහතාගේ නායකත්වය යටතේ ගොඩනඟන නව සන්ධානයෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට අපේක්‌ෂකයන් තෝරා ගැනීමේ කටයුතු ආරම්භ කර තිබෙන බවත් ඒ අනුව සිය සන්ධානයට එම මැතිවරණය නියත වශයෙන්ම ජයග්‍රහණය කළ හැකි බවත් එම මන්ත්‍රීවරු එහිදී ප්‍රකාශ කර ඇත.
නව සන්ධානය සමඟ එක්‌වීමට දේශපාලන පක්‌ෂ මෙන්ම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයන් හා නවකයන් රැසක්‌ මේ වන විට කැමැත්ත පළ කර තිබෙන බවද ඉහත මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවැසීය.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!