“මහින්ද සිරිසේනට එදා කළේ එහෙමයි-මෙදා සිරිසේන රාජිතට කරන්නේ මෙහෙමයි”-සිරිසේන කියයි

“මහින්ද සිරිසේනට එදා කළේ එහෙමයි-මෙදා සිරිසේන රාජිතට කරන්නේ මෙහෙමයි”-සිරිසේන කියයි

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

පසුගිය රජය සමයේ මත්ද්‍රව්‍යවලට සහ දුම්කොළවලට විරුද්ධව ගෙන ගිය සටන පිළිගත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන් එදා තමා වෙත සම්මාන පුද කරද්දී එවකට රාජ්‍ය නායකයා උත්සව සභාවේ ගොළුවත රැකූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කළේය.රටේ ජාතික ඔෟෂධ ප්‍රතිපත්තිය වශයෙන් සේනක බිබිලේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා තමා ඉදිරිපත් කළ පනත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේදී අතුරුදන් වූ බවත්, එම අතුරුදන් වීම සිදුවූයේ ජාවාරම්කාර ඔෟෂධ සමාගම්වල මුදලට යටවීමෙන් බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ධුරයෙන් පිදුම් ලැබූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට උපහාර පිරිනැමීමේ උත්සවයට පෙරේදා (31දා) සහභාගි වෙමිනි.රාජිත සේනාරත්න මහතා මෙරට සෞඛ්‍ය සේවයට කළ සේවාව අගයමින් ‘සුවපති කිරුළ’ පිරිනැමීම එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සිදු කෙරිණි.එම උත්සව අවස්ථාව ඇමැතූ ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.සැබෑ ලෙසම අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා පසුගිය දශක හයක හතක කාලය තුළ ගෙන යන වැඩපිළිවෙළෙහි ප්‍රතිඵල ලබමින් අද මුළුමහත් ලෝකය අපේ සෞඛ්‍ය සේවාව පිළිගන්න යුගයක්. 2015 ජනවාරි මාසයෙන් පසුව මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව සැබෑ ලෙසම සෞඛ්‍ය සේවාවක් කරන්න අපේ රජය ගෙනගිය වැඩපිළිවෙළේදීවිශිෂ්ට නායකත්වයක් දුන් රාජිත සේනාරත්න ඇමැතිතුමා සුවපති අභිෂේක ලබද්දී ඒ සතුට මා ලබන්නේ හෘද සාක්ෂියේ අවංක භාවයකින්.
රාජිත සේනාරත්න ඇමැතිතුමනි, ඔබ මේ තනතුරට පත්වෙද්දී ඔබට සුබ පතන්නට මා ආවේ ඉමහත් සතුටකින්. ඔබ මේ තනතුරට පත්වූ බව දැනගත් අවස්ථාවේදී දැනුණේ ඉමහත් සතුටක්. අපේ ඇමැතිවරයා, රටේ ඇමැතිවරයකු ලෝකය පිළිගෙන තිබෙන නිසා. ඔබට අද තියෙන වාසනාව එදා මට තිබුණේ නෑ. නිමල් සිරිපාල ද සිල්වා මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති ධුරයට පත්වෙද්දී මේ ආකාරයෙන් පිළිගන්න එවකට නායකයන්ට හෘද සාක්ෂියක් තිබුණේ නෑ.”2013දී මත්ද්‍රව්‍යවලට, දුම්කොළවලට, සිගරැට්වලට විරුද්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශිෂ්ටයන් සමඟ මෙන්ම රාජ්‍ය ආයතන හා පොදු ජනතාව එක්ක කළ සටන පිළිගත් ලෝක සෞඛ්‍ය සංවිධානය එදා මාව පිළිගන්නා විට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී රාජ්‍ය නායකයාට කතා කිරීමට තිබූ පෝඩියම් එක ආපසු ගලවාගෙන ගියා. මං ඒක බලාගෙන හිටියේ කඳුළු පිරි දෙනෙතින්. න්‍යාය පත්‍රයේ රාජ්‍ය නායකයාට කතාවක් තියෙද්දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන් ලංකාවට ඇවිත් මා වෙත සම්මාන පුදද්දී රාජ්‍ය නායකයා උත්සව සභාවේ නිහඬව ගොළුවත රැක්කා” යන්නයි

(Visited 52 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!