“මහින්ද ෂුවර් නෑ…” – සෝභිත

“මහින්ද ෂුවර් නෑ…” – සෝභිත

Spread the love
  •  
  •  
  •  
  •  

ටේ යහපැවැත්ම සඳහා දේශපාලන ප්‍රතිසංස්කරණ රැසක් සිදු කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය තිබියදී පවා නොහැකි වුයේ නම් ඉදිරියේදීත් එය ඒ මහතාගෙන් සිදු වෙතැයි විශ්වාස කළ නොහැකි බව කෝට්ටේ නාග විහාරධිපති මාඳුළුවාවේ සෝභිත හිමියෝ පවසති.
මේ ප්‍රතිසංස්කරණ හා ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන ලෙස ඒ මහතාට මන්තරයක් මෙන් මැතිරුවද කිසිඳු පළක් නොවු නිසා ඒවා ඉටු කර ගැනීමට පොදු අපෙක්ෂකයෙක් ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන එන්නට සිදු වු බවත් උන්වහන්සේ අවධාරණය කළහ.
කෝට්ටේ නාග විහාරයේදී සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරය මගින් අද පැවැත් වු මාධ්‍ය හමුවේදී උන්වහන්සේ මේ අදහස් පළ කළහ.
මේ රටේ සියලු ජනතාවගේ මෙන්ම සියලු පක්ෂවල ආශිර්වාදයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළේ රටේ සුභසිද්ධියට අදාළ ප්‍රතිපත්ති සමුදායක් ඉදිරියේ බවත් මේ වන විට ඉන් බොහොමයක් ඉටු වී තිබෙන බවත් ප්‍රකාශ කළහ.
ජනතාවගේ ලොකුම අපේක්ෂාව වන්නේ විසිවැනි සංශෝධනය ගෙනැවිත් මේ පවතින දුෂිත මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම බව අවධාරණය කරන උන් වහන්සේ, ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව සුද්ධ කරන්නට මේ හොඳම වෙලාව බවත් කීහ.
ඉදිරි මැතිවරණයෙන් ඉහළම ප්‍රයෝජනය ලබා ගනිමින් ස්ථාවර රජයක් පත් කර ගැනීමට ජනතාව දැනුවත් කරන බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
නිදහස ලැබුණු දා සිට අප ගමන් කළේ වැරදි පාරක බවත් මෙතෙක් කළක් සිදු කරනු ලැබුවේ මිනිස්සු බලයට පත් කිරීම බවත් ප්‍රකාශ කළ සෝභිත හිමියෝ, ජනතාවගේ ප්‍රතිපත්ති බලයට පත් කිරීමේ කාලය අද එළැඹ තිබෙන බවත් කීහ.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!