“මහින්ද වහා අත්අඩංගුවට ගත යුතුයි…” – අසාද් සාලි

“මහින්ද වහා අත්අඩංගුවට ගත යුතුයි…” – අසාද් සාලි

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අත් අඩංගුවට ගත යුතු බව ජාතික සමගි පෙරමුනේ නායක අසාද් සාලි මහතා පවසයි.
කොලඹදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ ඔහු අසත්‍ය පතුරුවමින් ජාතිවාදය අවුලවමින් රට බෙදීමට උත්සාහ කරන බවයි.
‘අප පසුගිය දිනවල දිගින් දිගටම මහින්ද රාජපක්ෂ පිළිබඳ මෙන්ම ජාතිවාදය ඇති කිරීම වෙනුවෙන් ඔහු ගෙන යන ක්‍රියාමාර්ග පිළිබඳ අඛණ්ඩව දැනුවත් කළ බව පෙන්වා දිය යුතුය. මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට ලංකාවේ සෑම තැනකම ඊළාම් කොඩි ලෙලදෙමින් පවතින බවයි. එලෙස දිවයින පුරා ඊළාම් ධජය ලෙලදෙන්නේ නම් පොලිසිය වහාම ඒ පිළිබඳ සොයා බැලිය යුතුව තිබේ. එවැන්නක් නැතිනම් මහින්ද රාජපක්ෂගෙන් මේ පිළිබඳ වහාම ප්‍රකාශයක් ලබාගත යුතුය. කෙසේවෙතත් අපට තොරතුරු ලැබී ඇත්තේ දැන් මැදමුලනේ ඊළාම් ධජය ලෙලදෙන බවයි.
යුද්ධයෙන් දිවි පිදු රණවිරුවන් සැමරීමට රජය සංවිධාන කර ඇති උත්සවවලට පෙර වෙනත් කවුරුන් හෝ උත්සව පැවැත්වුවහොත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට හෝ එම උත්සව තහනම් කිරීමට පසුගිය රජය කටයතු කල බව රහසක් නොවේ. වත්මන රජය යටතේ එවැනි බලපෑම් නොමැත. එහෙත් මහින්ද රාජපක්ෂ ඔහුගේ වටා සිටින පිරිසක් සමග රාජ්‍ය උත්සවයට පෙර දින රණවිරු සැමරුමක් සිදුකර උත්සාහ කරනු ලබන්නේ රටේ බෙදීමක් ඇති කිරීමට බව පැහැදිළිය. එබැවින් අප ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින්නේ මහින්ද රාජපක්ෂ වහාම අත්අඩංගුවට ගත යුතු බවයි. ජනතාව වත්මන් රජයේ පාලනය යටතේ සාමකාමීව සිටිම කඩාකප්පල් කිරීමට මහින්ද රාජපක්ෂ උත්සාහ කරමින් සිටී. මෙම කඩාකප්පල්කාරී වැඩපිළිවෙලක නිරතවීම හමුවේ මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට පියවර ගත යුතුය’ යයිද ඔහු සඳහන් කලේය.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!